බඩ පිපීමෙන් හා ගෑස් ඇති වීමෙන් වන බලවත් අපහසුතාවය ගැන අප සියලු දෙනාම දන්නවා. සාධක ගණනාවක් නිසා බඩ පිපීම ඇති විය හැක. මගේ මතය අනුව අප සියලු දෙනාම බඩ පිපුනු විට ඇති වන අසහනය අත්දැක තිබෙනවා. ඔබට මෙය දැනෙන්නේ ඔබේ ආහාර දිරවීම සංසුන් කිරීමේ අවශයතාවයක් ලෙසයි. ඒ නිසා ඔබට ඉක්මන් සහනය ලබා ගැනීමට අවශ්‍ය වන සෑම අවස්ථාවකදීම, ඔබ දම් පාට ගෝවා යුෂ ගත යුතුය. එය ඔබගේ ශරීරය සඳහා අරුමපුදුම දේ කරනු ඇත. මෙම වට්ටෝරුව ඉතා පහසුයි.සරලයි. ඔබට මෙය තනිවම කර ගත හැකියි.
වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය :-
දම් පාට ගෝවා කෝප්ප 2
සැල්දිරි ඉති 3 ක්
කුඩා ලෙමන් ගෙඩි 1/2 ( ලෙමන් තුල ඇති සුදු කොටස)
කොළ ඇපල් 1/2 (එය රසය සඳහා ය )
සාදා ගන්නා ආකාරය
පළමුව සියලු අමු ද්‍රව්‍ය සෝදා කුඩාවට කපා ගෙන බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කර ගෙන පානය කරන්න. ඔබේ දම් ගෝවා යුෂෙහි රස අත්විඳීන්න!
දම් ගෝවා යුෂ පානය කිරීමෙන් සෞඛයට ලැබෙන ප්‍රතිලාභ:
දම් ගෝවා
දම් පාට ගෝවා ඔබේ ශරීරයේ තරල තුලනය කිරීමට උපකාරී වන අතර එහි පොටෑසියම් අධිකව ඇත. එය විෂහරණය කර ඔබේ සෛල ආරක්ෂා කරයි. විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක අතින්ද ඉහළ වේ.
සැල්දිරි
මෙම සුපිරි සෞඛ්ය සම්පන්න එළවළු මගින් ආහාර දිරවීමේ සහ රුධිර නාල තුල ගිනි අවුලුවන ප්‍රතික්‍රියා වළක්වා ගනි.
ලෙමන්
ඔබ උදෑසන උණුසුම් ජලයට ලෙමන් එක් කර පානය කල විට ඔබගේ ආහාර දිරවීමේ කාර්යයන් පහසු කරවයි.
Post a Comment