ගර්භණී අවස්ථාවේ දී ඇති වන අපහසුතා හා ඒවා මගහරවා ගන්නා ආකාරය දැනගන්න කියවන්න

 

Pains During Pregnancy, Pregnancy Health, ගර්භණී අවස්ථාවේ දී ඇති වන අපහසුතා, ගර්භණී අවස්ථාවේ දී ඇති වන අපහසුතා මගහරවා ගන්නා ආකාරය, ගර්භණී කාන්තාවන් සඳහා සෞඛ්‍ය උපදෙස්, How to relief pains during pregnancy

 

ඔබේ සිරුර ගර්භණී තත්ත්වය සදහා අවකාශ සලසන විට ඇති වන ශාරීරික වෙනස්‌කම් කිහිපයක් වෙයි. සැබැවින්ම ගැබිනියක් බව දැන ගැනිමෙන් ඔබ අපමණ සතුටට පත් වෙයි එනමුදු ඔබගේ පබෝධමත් බවට බාධා කරන අපහසුකම්ද අල්ප නොවේ. ඔබට අත්විඳීමට සිදු වනු  ඇතැයි මට හැඟී යන කාරණා කිහිපයක් මා මෙහිලා ගෙනහැර දක්වන්නේ ඔබේ හයපත සඳහාය.

සුලබ අපහසුකම්


විඩාව:

    විඩාව හෙවත් අධික වෙහෙසක් දැනීම ගර්බනී අවස්ථාවේ මුල් අවධියේ ඇති සුලබ තත්වයකි. මෙසේ වන්න‌ේ ප්‍රථම තෙමස තුළ ඇතිවන ඔක්කාර ගතිය ආහාර සහ දියර වර්ග ගැනීමට ඇති අපහසුතාව කාරණාකොටගෙන ය. මවසින් සොයාගනු ලැබූ කාරණාවක් නම් ප්‍රථම ගර්භණී අවස්ථාවට වඩා දෙවන සහ තුන්වන ගර්භණී අවස්ථාවන්හීදී වැඩිපුර විඩාපත් ස්වභාවයක් දැනෙන බවයි. එසේ වන්නේ ගැබිනි මාතාවට අනෙකුත් දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු වන නිසාද විය හැකිය. විසර්ම වන්නේ රාත්‍රියට වැඩිපුර නින්ද ලබා ගැනීම සහ දහවල් කාලයේ කෙටි නින්ද ලබා ගැනීමයි. ගැබිනි අවස්ථාවේදී වැඩිපුර කැෆ‌ේන් (තේ, කෝපි) හෝ වෙනත් උත්තේජක ගැනීම අවම කරන්න. තුන් මාසයක් ඉකුත්ව ගිය තැන විඩාබර ගතිය නැතිව යයි.

ඔක්කාරය සහ වමනය

විඩාව සමඟින් ඇති වන ඔක්කාරය ගර්භණී අවස්ථාවේ මුල් අවධියේ දක්නට ලැබෙන සුලබ තත්වයකි. උදා ආබාධය (morning sickness) යැයි හදුන්වනු ලබන මෙම ලක්ෂණය දවසේ ඕනෑම වේලාවක මතුවිය හැකිය. මෙයට වඩාත් ගැලපෙන නාමය වන්නේ 'හිස්බඩ' අපහසුතාවයයි. මේ තත්ත්වය ඔක්කාරය අැති වීමට බෙහෙවින් තුඩු වන බැවින්ය. මා විසින් දැක අැති කාරණාවක් නම් කුසට යම් ආහාරයක් වැටුනු විට මේ ස්වභාවය කෙමෙන් පහව යන බවයි. ඔක්කාර ගතිය මඳ වශයෙන් හෝ ඉතා තදින් ඇති වී වමනය ඇති වීම දක්වා වර්ධනය වීමද විය හැකිය. බුද්ධිමත්ව සිදු කරන සරල ප්‍රතිකර්ම මෙහිදී උපකාරී වෙයි. ඔක්කාරයට තුඩු දෙන ගඳ. සුවඳ ආඝ්‍රාණය කිරිමෙන් වලකින්න. යම් කිසි ආහාර වර්ගයකින් ඔබ රෝගී විය හැකි නම් ඒ ආහාර ගැනීම සුදුසු නැත. රුචි යමක් වේ නම් එය කෑමට ගන්න. සාමාන්‍යයෙන් ගනූ ලබන ප්‍රධාන වේල් තුන වෙනුවට කුඩා ආහාර වේල් කිහිපයක්  ගන්න. සමහර කාන්තාවන් මේ අවධියේ නිරන්තරව සුලු ආහාරයක් ගනී. සමහර අවස්ථාවල ආහාර පිසීමේ කටයුතු අතැම් ගර්භණී මාතාවන්ට ඔක්‍කාරය අැති කරලීමට හේතු සාධක  වන්නේය.එවිට ඉතා සරල ආහාර වේලක් සුදානම් කර ගන්නට වග බලා ගන්න. එසේ නැතිනම් ඔබේ පවුලේ උදවියගේ හෝ හිත මිතුරන්ගේ සහය ලබා ගන්න.

විජලන තත්ත්වයන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. විජලනය මගින් ඔක්කාරය වඩාත් උග්‍ර කර සමහර විට ඔබ රෝහල් ගත කරනු ඇත. නිරන්තරයෙන් දියර වර්ග (ජලය හා පලතුරු යුෂ) ගැනීමෙන් සිරුරේ ජලය අඩු වී යාම වළක්වා ගත හැකිය. අයිස් කැට උරාබීමද ඔබට අසීරුතාවය මගහැර ගන්නට ඉවහල් වෙයි. උදෑසන අපහසුතාවට (උදා ආබාධය) ප්‍රතිකර්ම වශයෙන් උදෑසන අවදි වු විගසම ආහාර ගැනීම සුදුසුය. කර කරන ලද පාන් විස්කෝතු ආදිය ගන්න. ඔබ නිදි යහනෙන් ඉවතට යන්නට පෙර ආහාර ගැනීමෙන් රාත්‍රීය පුරා උදරයේ එකතු වූ අම්ල වල බලපෑම සමනය කර ගත හැකිය. ඔබ වැසිකිලියටයාම සඳහා රාත්‍රීයේ අවදි වූ විට සිසිල් කල කිරි පානය කිරීමෙන් අම්ල ගතිය පාලනය කිරීමට හැකි වෙයි. ඉගුරු හා පෙපර්මින්ට් තේ. ජින්ජර් එල් හෝ කෝලා බීම ඔක්කාරය පාලනය කර ගැනීමට ඉවහල් වෙයි. ලෙමන් කැබලි උරාබීමද හොඳයි. විටමින් B6 මුහුදු ගමනෙදි අැති වන වමනය සදහා යොදා ගන්නා Acupressure Bandsසමහර කාන්තාවන්ට යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. විටමින් B6(50mg) ද සහනශීලී බවක් ගෙන දෙනුලබයි. ඇප්‍රිකෝට්. රේසින්ස් වැනි වියළි පලතුරු පාවිච්චි කිරීමද යහපත්ය. මුල් අවධියේදී ඔෟෂධ පාවිච්චියෙන් වළකින ලෙස මම උපදෙස් දෙන්නෙමි. වෙනත් කිසිම ප්‍රතිකාරයකින්   සහනයක් නොලැබෙන කාන්තාවන්ට ගත හැකි ඔෟෂධ වර්ග ඇත. පැය 24ක් පුරා තම උදරයේ කිසිම ආහාරයක් නොවේ නම් ගර්භණී මාතාව ප්‍රසව වෛද්‍යවරයා  හමුවිය යුතුය.


නිතර මුත්‍රා පහ වීම

මෙය සූලබ තත්ත්වයකි. පළමු තුන් මස තුළ මෙය නිරන්තරව සිදු වෙයි. වැඩෙන කලලය මුත්‍රා බටය තෙරපීමට ලක් කරන නිසාය. අවසන් සති කිහිපය තුළද මෙය සිදු වෙයි. මේ තත්ත්වය රාත්‍රී නින්දට බලපෑමක් නම් රාත්‍රීයට වැඩිපුර දියර වර්ග නොගන්න. මුත්‍රා දැවිල්ලක් හට ගතහොත් ආසාදනය වැළැක්වීම සඳහා වෛද්‍යවරයා හමුවන්න.



අපහසුතාවය.                                                      ප්‍රතිකර්මය

ඔක්කාර                                                        ප්‍රධාන ආහාර වේල් 3ක්
                                                                    වෙනුවට සුළු ආහාර වේල්
                                                                    4-5ක් ගන්න.    

                                                                   දිගු පැය ගණනක් පුරා
                                                                   උදරය හිස්ව නොතබන්න

                                                                   විස්කෝතු. ලුණූ සහිත
                                                                   විස්කෝතු කෑමට ගන්න

                                                                   සමබර ආහාර වේලක් ගන්න.
                                                                  නිවසේ පිසින ලද ආහාර වඩාත් 
                                                                  යෝග්‍යයි.


විඩාව.                                                       ඔබේම සිරුරේ හඩට සවන්                                                                                                           දෙමින් විවේක ගන්න.


නාසයේ බර ගතිය.                                    නාසයට දමන ලවණ සහිත දියර ඖෂධ පාවිච්චි කර බලන්න.

කොන්ද කැක්කුම                                        නිවැරදි ශරීර ඉරියව්වක්  පවත්වා ගන්න

මලබද්ධය.                                                 තන්තුමය ආහාර වැඩිපුර ගන්න. නිවුඩු සහිත ධාන්‍ය,                                                                     අමු එළවළු, නැවුම් සහ වියළි පලතුරු ගන්න.

                                                                වැඩිපුර ජලය හා පලතුරු යුෂ පානය කරන්න

                                                                නිරන්තර ව්‍යායාම වල යෙදෙන්න

                                                                ඇවිදීම යෝග්‍යයි

කෙණ්ඩා පෙරලිම                                    ආහාර වලට වැඩිපුර කැල්සියම් එකතු කරන්න

                                                               කැල්සියම් බහුල විටමින් ආදිය ගන්න

                                                               කෙණ්ඩා සඳහා ව්‍යායාම කරන්න

පපුවේ දැවිල්ල                                        නිතර යමක් ආහාරයට ගන්න. ආහාර වේල් අතරතුර දියර                                                               පානය කරන්න

                                                              මිරිස් අධික හා තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න

                                                              ආහාර ගත් සැනින් හාන්සි නොවන්න

                                                              අම්ල ගතිය පිළිබඳ වෛද්‍යවරයා විමසන්න

පපුවේ මහන්සිය                                     ශරීර ඉරියව්ව නිවැරදිව තබා වාඩි වී සිටින්න

                                                              කඩිනමින් වැඩ නොකරන්න

                                                              හිස උස් ව තබා කොට්ටා වල නිදා ගන්න

දෙපා ඉදිමීම                                           ලුණු අඩු දියර ආහාර වැඩිපුර ගන්න

                                                             දිනකට කිහිප වතාවක් දෙපා ඔසවා තබන්න

                                                             රුධිර පීඩනය පරික්ෂා කරන්න

නහර ගැට ගැසීම                                   දෙපා නිතර ඔසවා තබන්න

                                                            හොඳින් තද වන්නට වෙලා තබන්න

                                                            උණුසුම් දියර නාන්න

අර්ශස්                                                  මලබද්ධයට අවසර නොතබන්න

                                                            සීතල ජලයෙන් තවන්න


Fetal Attraction by Dr Duru Shah with Dr Shroff & Ivor Vaz කෘතිය ඇසුරෙන්.

Post a Comment

Previous Post Next Post