ඔබ ප්‍රවේශම් නොවුනහොත් අව්වට පිළිස්සීම නිසා ඇති වන බිබිලි කැසීම හේතුවෙන් මෙය බරපතළ ගැටලුවක් වෙනවා.ඔබ වෛදයවරයෙකුට පෙන්විමට කලින් කල හැකි ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
අප සියලු දෙනා හිරුට ආදරෙයි. එය අපව සතුටු කරවනවා. හිරු එළියෙන් ආවරණය වීම සමහර රටවල ජනතාවට නිදහස් බවක් ලබා දෙනවා.එය ඔවුන්ගේ සෞඛ්ය සඳහා පවා හොඳ වෙන්න පුළුවන්. එහෙත් එය පමණට වඩා ලැබුනහොත්,හිරු කිරණ නරක ලෙස වැඩි වුවහොත් බිබිලි ඇති වී කැසීම පමණක් නොවෙයි,එයින් ඉතා දරුණු වේදනාකාරී හා භයානක තත්ත්වයක් ඇති විය හැක.
කල්පිත ලෝකයක ඔබ වැඩිපුර කාලයක් හිරු එළියේ පිටත සිටීමට අදහස් කරගෙන සිටිනවා නම් ඔබේ ශරීරය හිරු කිරණින් ආරක්ෂා වන පරිදි ඇදුම් ඇදිමට වග බලා ගන්න.(ඉහළ SPF අගයක් සහිත හිරු කිරණින් ආරක්ෂා වන ආලේපයක් සමඟ) ප්‍රමාණවත් තරම් ආවරණය කර පිටතට යන්න.කෙසේ වෙතත්, හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන බිබිලි වලට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයා ලගට නොයා ප්‍රතිකාර කිරීමේ ක්‍රම ඇත.රෝග ලක්ෂණ දරුණු නම් වෘත්තිමය උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න.
1. වැඩිපුර ජලය පානය
ඔබේ සිරුර අව්වට පිළිස්සීමෙන් විජලනය වන අතර, ඒ සඳහා පළමුව කල යුතු දෙය වන්නේ වැඩිපුර ජලය පානය කර සිරුර සිසිල් කර ගැනීමයි. මෙහි අදහස නම් ඔබගේ ශරීරයේ අහිමි වන ජල අන්තර්ගතය වෙනුවට , එසේ ජලය පානය කොට සිරුර සිසිල්ව තබා ගැනීම වේ!
2. Witch hazel
මෙම හිත සනසවන සුළු අන්තර්ගතයක් ඇති Witch hazel ඇත්තටම ආසාදනය වූ ප්‍රදේශයේ වේදනාව සහ දැවිල්ල අඩු කිරීමට උදව් විය හැක. කපු රෙදි කඩකට Witch hazel සුළු ප්‍රමාණයක් දමා ආසාදනය වූ ප්‍රදේශයේ මෘදු ලෙස ආලේප කරන්න.
3. ඇපල් සයිඩර් විනාකිරි
ඔබ නාන විටදී උණුසුම් ජලයට ඇපල් සයිඩර් විනාකිරි කෝප්පයක් එකතු කරන්න. මේ දෙක අතින් තරමක් කලවම් කොට ගන්න.එම මිශ්‍රණය මගින් ඔබේ සමේ pH අගය තුලනය කර සම සුවපත් කරයි.
4. ලැවෙන්ඩර් මුසු කල තෙල්
නැවතත්,පෙරසේම නානා විටදි උණුසුම් ජලයට ලැවන්ඩර් තෙල් බිංදු කිහීපයක් මිශ්‍ර කර ගන්න.මේ තෙල් වලින් ඔබේ වේදනාව අඩු කිරීමට උපකාර කරන අතර මේ සුවදින් ඔබව ලිහිල් කරයි.
5. Oatmeal
ඔබ නාන ජලයට Oatmeal එකතු කරන්න. ඔබ විශ්වාස කලත් නැතත් මෙමගින් සමේ ඇතිවන කැසීම සුව කරයි.6. බේකින් සෝඩා
බේකින් සෝඩා ද ඔබේ සමේ ඇති වන කැසීම වළක්වයි. කෝප්පයක් හෝ දෙකක් ඔබගේ නාන ජලයට මුසු කරන්න.
7. තේ
ඇත්තටම පොඟවා ගත් කළු තේ බෑග් රෝග ලක්ෂණ කිහිපයක් සමනය කිරීමට උදව් විය හැක. ඔබේ නාන ජලයට බෑග් කිහිපයක් එකතු කරන්න.මෙමගින් ඔබේ තුවාල සුව කරයි.ඔබේ ඇස් යට අව පැහැය නැති කර ගැනීම සඳහාත් ශීත කළ තේ බෑග් උදව් වේ.
8. කෝමාරිකා
සමහරවිට එය වෙනත් පිලියම් තරම් පහසු නැති වුවත් , පිළිස්සුම් සඳහා භාවිතා කල හැකි හොඳම ස්වාභාවික ප්‍රතිකාරය මෙය වේ.සරළව, කොළයක් කපා මේ තුල තිබෙන කෝමාරිකා ජෙල් පිටතට මිරිකා ගන්න. පසුව පිළිස්සුම් තැන්හි කෙලින්ම මෙය ආලේප කරන්න.ඔබට මෙම ස්වභාවික ප්‍රභවය සොයා ගැනිමට නොහැකි නම්, විකල්පයක් වශයෙන් 100% ක්ම ස්වභාවික කෝමාරිකා ජෙල් අඩංගු ආලේපනයක් භාවිතා කිරීමයි.
9. පිපිඤ්ඤ
කෝමාරිකා වගේම පිපිඤ්ඤා ද, වේදනාව හා රත්පැහැ ගැන්වුනු තැන් සුව කිරීමට ගුණ දෙන ස්වාභාවික ප්‍රති ගිනි අවුලුවන ප්‍රභවයකි.හොද ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පිපිඤ්ඤා බ්ලෙන්ඩ් කර ඔබේ සමේ ආලේප කරන්න.
10. පොල්තෙල්
පොල් තෙල් පිපිඤ්ඤා, කැකිරි, කෝමාරිකා , තේ කොළ හා අනෙකුත් පිළියම් තරම් මෘදු නොවේ. නමුත් එහි ඇති විශේෂත්වය නම් ඔබේ සමේ තෙතමනය නැවත ලබා දීමයි. ඔබ අනෙක් පිළියම් සිදුකරන විට ඔබේ සම සඳහා කාබනික අතිරේක- පිරිසිදු පොල්තෙල් තුනී ස්ථරයක් ආලේප කරන්න.
හිරු එළියට පිළිස්සුනු සමට කරන ප්‍රතිකාර හා ඉන් ඇතිවන බිබිලි කැසීමෙන් වන ආසාදන සඳහා කරන ප්‍රතිකාර පිළිබදව ඔබ දැන් දන්නවා. ඔබ සමග මේ දැනුම බෙදා ගැනීම අපට ඉමහත් සතුටක්..
හිරු එළියට පිළිස්සුනු සමට කරන ප්‍රතිකාර හා ඉන් ඇතිවන බිබිලි කැසීමෙන් වන ආසාදන සඳහා කරන ප්‍රතිකාර පිළිබදව ඔබ දැන් දන්නවා. ඔබ සමග මේ දැනුම බෙදා ගැනීම අපට ඉමහත් සතුටක්..
H/T: http://www.thealternativedaily.com/12-home-remedies-for-sunburn/
Charlotte H ගෙනි .
Post a Comment