ඔබේ මුහුණේ ලප කැළැල් ඉවත් කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ස්වභාවික විසඳුමක් ඇත!
ඔබේ සමේ අඳුරු පැල්ලම් ඇති වී ඔබ පීඩාවට පත් වීමට හේතුව කුමක්ද?
මෙයට හේතුව අභයන්තරින් හෝ බාහිරින් හෝ විය හැකියි.අභයන්තර හේතුවක් විදියට සාමානයයෙන් බොහෝ දුරට තද වර්ණයෙන් යුත් සමක් පිරිසකට හිමි වීම ඔවුන්ගේ ජානවලින් වීමට වැඩි අවදානමක් තිබෙනවා. බාහිර හේතුවක් විදියට සාමානයයෙන් පරිසරය සම්බන්ධ කරුණූ අදාල වෙනවා.ඕනෑවට වඩා හිරුට නිරාවරණය වීමත් කාර්මික රසායනික ද්‍රවයත් එවා වේ, එවා කිහිපයක් සඳහන් කරන්නේ නම් සම තාවකාලික හෝ ස්ථිර හෝ වශයෙන් වර්ණය වෙනස් වීම නිසා සම මත ඇති මෙලනින් වලට බාධා ඇති වෙනවා.අවාසනාවකට මෙන්, තද පැහැති ලප කැළැල් ඇතිවන්නේ මුහුණේ හා වඩාත් පෙනෙන තැන් වලයි.
සුභ ආරංචිය නම් දැන් මේ නිසා කරදර වෙන්න අවශය නැහැ. මෙන්න ඉන්දියානු කාන්තාවන් විසින් භාවිතා කරන ජනප්‍රිය ඉතා අඩු වියදම් සහිත මාර්ගය. ඔබට මේ සඳහා වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ ස්වභාවික අමුද්‍රවයයි.බොහෝ වේලාවට මේ අමුද්‍රවය ඔබේ මුළුතැන් ගෙයින්ම පහසුවෙන් ලබා ගත හැකි ඒවා වේ.
ඉතින් ඔබගේ මුහුණේ ලප කැළැල් ඉවත් කිරීමට අවශය වන ස්වභාවිකව අමුද්‍රවය මොනවාදැයි අපි දැන් බලමු.
මෙය සාදා ගැනීමට ඉතාමත් පහසුයි. ඔබට කිරීමට අවශ්‍ය වන්නේ මේ දෙක හොදින් එකිනෙකට මුසු වෙනතුරු මිශ්‍ර කර ගැනීමයි.ඔබට තිබෙන්නේ සංවේදී සමක් නම් ඔබේ සමට වන හානි වළක්වා ගැනීමට නුවණට හුරු වන්නේ ලෙමන් වලට ජලය ටිකක් මිශ්‍ර කර සැර බාල කිරීමයි. ඔබට කිරීමට හොදම දේ වන්නේ එයයි.
ඔබ මෙම ස්වාභාවික ඖෂධය භාවිතා කරන්නේ කෙසේද?
ඔබගේ කැළැල් ඇති ප්‍රදේශ වල මිශ්‍රණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආලේප කරන්න. ලෙමන් මිශ්‍ර කර තිබෙන නිසාවෙන් ඔබට සියුම් වේදනාවක් ඇති වෙන්නට පුලුවන්. ඉතාමත් වේදනා සහගත නම් මිස මෙය කලබල විය යුතු දෙයක් නොවෙයි. ආලේපනයෙන් පසුව විනාඩි 15 ක් පමණ මෙය සමෙහී තබා ගත යුතුයි. මතක තබා ගන්න හිරු එළියට නිරාවරණය නොවීමට.අවසාන වශයෙන් මිශ්‍රණය ඔබේ මුහුණ මතම වියලුණු පසුව සීතල ජලයෙන් මෘදු ලෙස සෝදා හරින්න.
ඔබට කෙටි කාලයක් තුළ ප්‍රතිඵල දැකීමට අවශය නම්, අවම වශයෙන් මෙය දිනකට දෙවරක් වත් කිරීම වඩා හොඳ වේ. ලෙමන් වල තිබෙන වඩාත් පිරිසිදු කිරීමේ ගුණය නිසා සමේ දීප්තිය වැඩි කර තරුණභාවය නැවත ලබා දෙනවා. කහ වල ඇති ප්‍රති- ගිනි අවුලුවන බලපෑම හේතුවෙන් සමේ කුෂ්ට හා ආසාදන වළක්වයි.
එය වඩාත් සරළයි,සමහර විට ඔබ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඔබේ මුදලට වටිනාකමක් නොවන මිල අධික ඖෂධ මිලදී ගන්නට ඇති, ඔබ දැන් ඖෂධ හල් වලට යාමට අවශ්‍ය නැහැ.මේවා ගැනීමෙන් ඇති වන නරක දෙය වන්නේ, ඔබට හැම විටම එසේ ප්‍රසන්න නොවන අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදු වීමයි. ' ස්වාභාවික ' අමුද්‍රවය භාවිතයට ගැනීම හැම විටම සුදුසුම මාර්ගයයි.
මෙම වට්ටෝරුව භාවිතා කර ඔබේ මුහුණේ කැළැල් සදහටම නැති කර ගන්න.
H/T:http://www.healthyfoodstar.com/indian-women-know-get-rid-of-stains-and-blemishes-on-the-skin-after-this-old-indian-recipe/
Egline J ගෙනි.
Post a Comment