කෙස් ගැලවීයාම බහුල වශයෙන් සිදු විය හැකි කාරණාවකි. ආහාර, ඛනිජ ඌණතාව, ඖෂධ , දැඩි මානසික ආතතිය හෝ රෝගී තත්වයක් , පරිසර දූෂණය , සහ ඔබේ ජාන ඇතුළු හේතු ගණනාවක්ම මෙයට මුල් විය හැකිය. ජනගහනයෙන් තුනෙන් එකක්ම මෙම ප්‍රශ්නයට මුහුණ පා ඇත. මෙයින් දහස් ගණනක් කාන්තාවන් වේ.ඔබගේ කෙස් වැටීම වැළැක්වීමට හැකි කිසිදු සහතිකයක් කොහෙවත් දී නොමැත. එය ජානමය ක්‍රියාවලියකි. හිස කෙස් වැටීමට මුල් වන සාධක ඔබට පාලනය කල නොහැක.කොහොම නමුත් ඔබට කල හැකි හොදම දේ වන්නේ ඔබේ සෑම අවධියකදීම එයට ඉහළ තත්ත්වයේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා දීමයි. එය ඉක්මනින් සිදු කල හොත් ඔබේ හිසකෙස් ගැලවී යාම නවතිවි.
1. හිසකෙස් වැටීම වැළැක්වීමට කරපිංචා යොදා ගෙන පානයක් (තේ ) හදා ගන්න.
ජලයට කරපිංචා දමා උණු කර ගන්න. එයට දෙහි ටිකක් මිරිකා සීනි ටිකක්ද එකතු කර ගන්න. මෙය දිනපතා සතියක් පානය කරන්න. මෙමගින් හිස කෙස් වර්ධනය වැඩි වනු ඇත.ඔබේ හිසකෙස් සුමට කර දිස්නයක් ලබා දෙයි. අළු පැහැයක් ගැනීමෙන් වලක්වාලයි.කරපිංචා ආහාර ජීර්ණ පද්ධතිය සඳහාද හොඳ වන අතර එය බොහෝ හිස කෙස් ගැටලු නිරාකරණය කරයි.
2. හිස කෙස් වැටීම වළක්වා ගැනීමට ආලේපනයක් සකසා ගන්න.
කරපිංචා කොළ ටිකක් කොටා පාප්පයක් ආකාරයට සාදා ගන්න. මෙයට යෝගට් මිශ්‍ර කර එය ඔබේ හිසකෙස් මත ආලේප කොට හොදින් එය සම්බාහනය කරන්න. මෙය ඔබේ හිස් කබලේ මිනිත්තු 25 ක් පමණ තබා ගන්න.පසුව මෘදු ෂැම්පු එකක් භාවිතයෙන් සෝදා හරින්න. මෙම ආලේපනය සෑම සතියකට වරක්ම සිදු කර හිසකෙස් වර්ධනයේ ක්ෂණික ප්‍රතිඵල දැක ගන්න.මෙය ඔබේ කෙස් දිස්නය හා සුමට කර මනාව වැඩෙනු ඇත.
3. හිස කෙස් වැටීම වළක්වා ගැනීම සඳහා තවත් ඖෂධීය ආලේපනයක් සාදා ගන්න.
බඳුනක් ගෙන කරපිංචා හා පොල්තෙල් දමා ගන්න. කරපිංචා හා පොල්තෙල් මිශ්‍ර වූ විට කෙස් වර්ධනය වැඩි වේ. මෙය රත් කරන්න. එවිට කළු පැහැ මිශ්‍රණයක් ලැබේ. මෙය හොදින් නිවුනු පසුව ඔබේ හිස් කබලේ ආලේප කරන්න. මෙම මිශ්‍රණය ආලේප කොට පැයක් තබා ගන්න.පසුව මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න.මෙම ඖෂධීය ආලේපය සතියකට දෙවරක් ආලේප කරන්න. දින පහළොවක් තුළ ඔබට ප්‍රතිඵල දකින්නට ලැබෙනු ඇත.මෙම තෙල් කෙස් වර්ධනය උත්තේජනයට පමණක් නොව සුදු කෙස් කළු කර ගැනීමටත් උදව් වෙනවා.
Post a Comment