ඔබ මේ වන විට Blackheads වලින් මිදෙන්නට විවිධ ක්‍රම අත්හදා බලා බලාපොරොත්තු සුන් කරගෙන සිටිනවා විය හැක.මෙන්න නියම ස්වාභාවික විසඳුමක් අත් හදා බලන්න.
Blackheads ඔබව පිස්සු වට්ටනවාද? හොඳයි, ඔබ පමනක් නොවෙයි බොහෝ දෙනා අද මේ ප්‍රශ්නයට මුහුණ පා තිබෙනවා. තෙල් වෑභෙන ග්‍රන්ථි, කුණු සහ සමේ සෛල වලින් නිපදවෙන තෙල් තදබදයන්ගෙන් සමේ සිදුරු ඇති කර ඒවා අවහිර කරනවා. සම යටින් ඇති ග්‍රන්ථි මගින් තෙල් නිෂ්පාදනය වැඩිවීම හේතුවෙන් බොහෝ විට නව යොවුන් වියේ දී කුරුලෑ ඇති විම බහුලව සිදු වෙනවා.
සමේ අසාමානය උද්දීපනය රළු ෆේස් වොෂ් මගින් වඩාත් නරක අතට හරවනවා.මෙම blackheads ආවරණය කිරිමට මේකප් දැමීමට උත්සාහ කිරිමද නරක ප්‍රති ඵල ගෙනැවිත් දෙන්නකි.
හොඳයි,ඔබ සෑම අයුරකින්ම Blackheads ඉවත් කිරිමට උත්සහ ගෙන ඇති නිෂ්පාදන ගොඩක් මිලදී ගෙන ඒවාට මුදල් නාස්ති කරගෙන බලපොරොත්තු සුන් කර ගෙන සිටිනවා වෙන්න පුලුවන්.ඇත්ත වශයෙන්ම, අප කරන සියලු විසිතුරු පිලියම් වලින් දිනක හෝ දෙකකින් පසු වැඩි දියුණුවක් පෙන්නුම් කලත්,බොහෝ පොරොන්දු ඔවුන්ට සේවා සැපයිය නොහැකි එවායි.දැන් ඔබ කිසී දේකට පසු නොතැවි මෙම පරිපූර්ණ ස්වභාවික විසඳුම උත්සාහ කරන්න.
මෙය ඔබට වේගවත්ව හා ස්වභාවිකව Blackheads ඉවත් කර දැමිය හැකි ක්‍රමයකි:
මොයිස්චරයිස්
කෝපි මණ්ඩි
Chamomile
බේකින් සෝඩා මේ හැදි 4
ඛණිජ ජලය කොප්ප 1
සකස් කිරීම :
මොයිස්චරයිස් මගින් මුහුණ හොදින් පිරිසිදු කර ඉන් පසු කෝපි මණ්ඩි මුහුණේ ආලේප කර මෘදුව ඔබෙ අතින් හෝ පිරිසිදු රෙදි කඩකින් කවාකාරව පිරිමදින්න.විනාඩියක් පමණ එය මුහුණේ තිබෙන්නට හරින්න. ඒ අතරතුර කාලයේ බඳුනක් ගෙන එයට chamomile සහ උණු වතුර දමා ගන්න.දැන් මඳ රස්නයෙන් ඔබෙ මුහුණ සෝදා හරින්න. පසුව තුවායකින් ඔබෙ හිස ආවරණය කර chamomile දමා ගත් බඳුන දෙසට මුහුණ ලන් කර විනාඩි 10 ක් පමණ වාෂ්ප වැදිමට සලස්වන්න.
දැන් සිදුරු විවෘතව පවති. නිරාවරණය වු Blackheads වලින් නිදහස් විම දැන් කලයුතුය.බේකින් සෝඩා සහ ජලය මිශ්‍ර කරන්න.එය මුහුණ මත ආලේප කරන්න.ඉන්පසු විනාඩි 10 ක් සිට ඔබේ මුහුණ සෝදා හරින්න .ඔබට එදිනම හෝ පසු දින කිහිපයකින් ප්‍රතිඵල දැක ගත හැකි විය යුතුය.
පසුගිය කාලයේ පොදුවේ ගත් කල ඔබ පරීක්ෂා කල විට පිළිස්සීම් කර්මාන්තය සඳහා භාවිතා කල බේකින් සෝඩා අද ඇයි මුහුණට ආලේප කරන්නෙ කියලා ඔබ පුදුම වනවා ඇති.හොඳයි, එහි අන්තර් ගත සියලු දෑ ස්වභාවික වන අතර කුමන හෝ හානිකරදායක බලපෑමක් ඔබේ මුහුණට සිදු වන්නෙ නැත . එය තෙල් සහිත සමකට හා තදබද සමකට ගැලපෙන හොඳම පවිත්‍රකාරකයකි. එය සෑම දිනකම භාවිතා කල විට සමේ උද්දිපනයක් ඇති විය හැකි බැවින් සතියකට දෙවරක් හෝ තුන්වරක් භාවිතා කිරිම ඉතා යෝග්‍ය වේ.
අවහිර වුනු සිදුරු වල ඇති තෙල්, කුණු හා මැරුණු සම අවහිර නොවුනු Blackheads වැලැක්වීමට ක්‍රියා කරනවා.ඒ හොදින් ඇතිල්ලීමෙන් Blackheads සමෙන් ඉවත් වී සමේ වර්ණය ඇති කර සුමට , මෘදු සමක් ලබා දීමට ඔබට උදව් වෙනවා.
මෙය කිරිමට උත්සාහ කර ඔබ වෙනුවෙන් එය ක්‍රියා කරන ආකාරය බලන්න!
යොමුව :
- http://everydayroots.com/blackhead-remedies http://www.medicalnewstoday.com/articles/71615.php
- http://www.refinery29.com/get-rid-of-blackheads#slide
- http://www.cosmopolitan.com/style-beauty/g2670/how-to-get-rid- of-blackheads/
- http://www.healthylivingmaster.com/health/amazing-trick-remove-blackheads-at-home-in-10-minutes-guaranteed/
Post a Comment