ඔබ ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි මිශ්‍රණය උදෑසන බිව් විට සිදු වන දෙය මෙන්න

ඔබ ගත කරන්නෙ පීඩාකාරී ජීවිතයක් නම්,බොහෝ විට සෞඛයයට අහිතකර ආහාර හෝ බීම වර්ග පරිභෝජනය කරනාවනම් හෝ නිදන්ගත රෝග හා  ආසාදන ගණනාවකින්  පෙළෙනවා නම් ඔබ මෙය කියවිය යුතුමයි.
ඔබේ ශරීරය මේ සෑම දෙයකටම සාර්ථකව මුහුණ දෙන විට එය ආම්ලික බවට පත් වෙන්න පුළුවන්.තවදුරටත් මෙම අඩු pH අගය නිසා රෝග ඇති කිරිමට පටන් ගනි.ඉදිමුම සහිත දැවිල්ල, ආසාදන ඇති විම,ශක්තිය අඩු විම, ඔක්කාරය වැනි ඔබේ සමස්ත සෞඛයයටම අතිශයින් නරකක්  විය හැක.
කෙසේ වෙතත්, ශරීරය නැවත සුව කිරීමට ක්‍රමයක් පවතී. ඒ සරලක්‍රමය වන්නෙ ඇපල් සයිඩර්  විනාකිරි සහ මී පැණි මිශ්‍රණය පානය කිරිමෙනි.
මෙම විශේෂ මිශ්‍රණය නිවැරදි අමුද්‍රව්‍ය යොදා ගෙන ඔබට පහසුවෙන් තනිවම සාදා ගතහැකිය.(පහත උපදෙස් බලන්න)සිරුරෙ pH අගය වැඩි කර නැවත ඔබේ ලේ එහි ස්වභාවික තත්ත්වයට ගෙන එයි. මේ තත්වය තුල ඔබට විෂබීජ හා රෝග සමඟ සටන් කර සෞඛය සම්පන්නව සිටිය හැකි ය.
ඔබ මානසික ගැටලු හෝ පාරිසරික බාධක වලින් පෙළෙනවා නම්, මෙම බීම පානය කිරිමෙන්  ඔබගේ ආහාර වේල වෙනස් කිරීම මගින් ඇත්තටම ඔබේ සෞඛයයෙ ද  වෙනසක් කරන්න පුළුවන්.
සෑම උදෑසනකම  හිස් බඩ ඔබ කළ යුතු සරල ක්‍රමය වන්නෙ ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි මිශ්‍රණය පානයයි,එවිට ඔබට එහි බලපෑම් දැනෙන්නට පටන්  ගනි. මෙන්න ඒ නිසයි :

ඇපල් සයිඩර් විනාකිරි

මෙය පැසුණු ඇපල් වලින් සාදන පානයකි.හරියට ඇපල් යුශ වගෙයි .මෙහි අන්තර්ගතය වන්නෙ  විටමින් B1 , බී 2, සහ බී 6 , මෙන්ම විටමින් සී, pantothenic අම්ලය, ෆෝලික් අම්ලය, niacin , biotin , සමහර සෝඩියම් , පොස්පරස් , පොටෑසියම් , කැල්සියම් , යකඩයි.


මී පැණි

මී පැණි ස්වාභාවික සහ මිහිරි පැණියක් වේ. එය මල් පැණි වලින්  මී මැස්සන්ගෙ අතුරු නිෂ්පාදනයක් වේ, එහි ස්වභාවිකව  කැල්සියම්, යකඩ , පොටෑසියම්, කොපර්, සින්ක් ඇතුළත් වේ.මෙහිද විටමින් සී, thiamine , nicotinic අම්ලය, riboflavin , විටමින් බී 6 , සහ pantothenic අම්ලය අඩංගු වේ. ලෙස - මී පැණි වඩා තද වර්ණයෙන් යුක්ත නම් එය වඩා පෝෂය පදාර්ථ වලින් අඩංගු වේ , එය ඔබ වෙනුවෙන් වඩාත් යහපත් වේ.


මිශ්‍රණයේ   ප්‍රතිලාභ

  • සන්ධි වේදනාව අඩු කරයි

  • අම්ල ප්‍රතිවාහ හා අජීර්ණයට  ප්‍රතිකාර

  • කොලෙස්ටරෝල් අඩු කරයි

  • රුධිර පීඩනය පහත හෙළයි

  • බර අඩු කරයි

  • ආහාර රුචිය  හා මල බද්ධය  පහසු කරයි

  • උගුරේ අපහසුතා නැති කරයි 

  • බලශක්ති ඉහල දමයි

  • මුඛ දුර්ගන්ධය නැති කරයි


ඇපල් සයිඩර් විනාකිරි සහ මී පැණි මිශ්‍රණය සාදා ගන්නේ කෙසේද ,


අමු ද්‍රවය :

  • අමු මී පැණි මේ. හැදි 1  ( තද වර්ණයෙ මී පැණි වඩා  හොඳ)

  • අමු , කාබනික ,සුරා ගත්  ඇපල් විනාකිරි මේ. හැදි 1

  • ජලය කෝප්ප 1


ක්‍රමය:

සියලූ අමුද්‍රව්‍ය එකට මිශ්‍රකර උදෑසන ආහාරයට අවම වශයෙන් විනාඩි 20 කට  පෙර හිස් බඩ පානය කරන්න.

ඔබට අවශය නම් ඉන්පසු ජලයද  පානය කළ හැකිය.


යොමුව:
http://dailyhealthpost.com/apple-cider-vinegar-and-honey-in-the-morning/
http://www.healthyandnaturalworld.com/health-benefits-of-apple-cider-vinegar-and-honey/
http://www.benefits-of-honey.com/vinegar-and-honey.html

Charlotte H ගෙනි.

Post a Comment

Previous Post Next Post