කොණ්ඩය ලස්සනට තියා ගන්න ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි කොයි කවුරුත් කැමතියි. අද අපි කතා කරන්නේ හිසකෙස් දීප්තිමත් හා සිනිදුවටත් තබා ගනිමින් ස්වාභාවිකව කොණ්ඩය ස්ට්‍රේට් කර ගන්නේ කොහොමද කියලයි.
නිකරුණේ මුදල් වියදම් කරමින් කෘතිම රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් කොණ්ඩය ස්ට්‍රේට් කිරීමට දැන් අවශ්‍ය නැහැ. මේ සඳහා අපට අවශ්‍ය වන්නේ ස්වාභාවික ද්‍රව්‍යක් වන පොල් කිරි පමණයි.
පොල්තෙල් වලින් ලැබෙන ගුණයට වඩා පොල් කිරි වලින් ලැබෙන ගුණය වැඩි බව දැනට සොයාගෙන තිබෙන ප්‍රසිද්ධ කරුණක්. එවාගේම මෙහි මැග්නීසියම් අඩංගු වීම තවත් වැදගත් කරුණක්.
පොල් කිරි වල ඇති මැග්නීසියම් නිසා හිසකෙස් වල වර්ධනය වැඩි වෙනවා.හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය තෙල් වලට වඩා ලැබෙන්නේ පොල් කිරි වලිනුයි.
පොල් කිරි කියන්නේ ස්වාභාවික කන්ඩිෂනර් එකක්.සුපිරි වෙළෙඳ සැල් වලින් ඔබ නිතර මිලදී ගන්නා කන්ඩිෂනර් වලට වඩා ගුණයක් හා ස්වාභාවික තෙතමනයක් පොල් කිරි වලින් ලැබෙනවා. පොල් කිරි හිසකෙස් වල වැඩීමේ වේගය වැඩි කරනවා.මෙමගින් හිසකෙස් වර්ධනය කරන ගමන් එවායේ ඝනකම වැඩි කරනවා.
මේක කරන්නේ කොහොමද කියල දැන් අපි බලමු.
- අලුත් පොල් ගෙඩියක කිරි මෙයට අවශ්‍යයි.
- පොල් ගෙඩියකින් කිරි ගන්න විට මෙයට වතුර කෝප්ප එකක් පමණක් ගන්න.මක් නිසාද යත් උකු පොල්කිරි අවශ්‍ය වන නිසාවෙන්.
- කිරි මිරිකා අවසන් වූ පසුව මෙම කිරි ශීතකරණයේ පැයක් පමණ තබන්න. එවිට පොල් කිරි වලින් වතුර ඉවත් වී පොල් කිරි ක්‍රීම් එකක් ඔබට ලබා ගන්න පුළුවන්.
- සීතල ඉවත් වූ පසු පොල් කිරි දැමු භාජනයේ උඩ ඇති පොල් කිරි ක්‍රීම් එක ගෙන හිස කෙස් මත ආලේප කොට පැයක් පමණ හිස සම්භාහනය කරන්න. පසුව තවත් පැයක් මෙය හිසකේ වල තබා ගන්න.
- පසුව මෘදු ෂැම්පු එකක් භාවිතයෙන් සෝදා හරින්න.
- මෙය මාසයක් පමණ සිදු කර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.
Sathiyata dawas kiyak pawichchi karanna onida
ReplyDeletePost a Comment