පෙඩිකියු ( Pedicure ) සඳහා නිකරුණේ මුදල් වියදම් කරන්න එපා. නිවසේ ඇති අමු ද්‍රවය 02 කින් විශ්මයජනක ලෙස පාද අලංකාර කරන හැටි මෙන්න!


ඇත්තටම සෞඛ්ය සම්පන්න පාද ඔබ සිතනවට වඩා ඔබගේ ජිවිතයට වැදගත් වෙනවා.


ඉරිතැලීම් ,වියලීම් හා අනෙකුත් පාද සම්බන්ධ ගැටළු පහසුවෙන් ඔබගේ ජීවිතයේ ගුණාත්මක බවට බාධා ඇති කරනවා මෙන්ම  අනෙකුත් ශාරීරික දුබලකාරක සංචලනය අක්‍රිය කරනවා.


පුද්ගලික සනීපාරක්ෂාව හා ආහාර වේල් පාද වල සෞඛ්ය කෙරෙහි බලපෑ හැකියි.එම නිසා ඔබ දෛනිකව ඒකාකාරීව  කල හැකි හොඳම ක්‍රමය ඇතුළත් කර ගත යුතු වෙනවා.


මිල අධික pedicures ලබා ගැනීම හා ඔබේ පාද සුව කිරීමට නවීන නිෂ්පාදන ක්‍රම භාවිතා කිරීම සෑම විටම එවා  ක්‍රියාකාරීව තබා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමයක් නොවේ.


අද ලිපිය මගින් ඔබේ පාද සුරක්ෂිත හා සෞඛ්ය සම්පන්නව තබා ගැනීමට උදව් කරන පහසු DIY ප්‍රතිකාරය පෙන්නුම් කරනවා. මෙමගින් වියළි ගිය , කොරපොතු සහිත හා වෙහෙසට පත් වූ පාද ආරක්ෂා කරනු ලබයි.



මේ සියලු අමුද්‍රවය ඔබගේ මුළුතැන්ගෙයින් සොයා ගත හැකි අතර, සකස් කිරීමද තරමක් පහසු වේ.


අවශ්‍ය ද්‍රව්‍ය :

 

  • කිරි කෝප්ප 3 - 4 ක්

  • බේකිං සෝඩා මේස හැඳි 03 ක්


උපදෙස් :

 

පළමුව කිරි උණු කරන්න. පසුව මෙය බේසමකට දා ගන්න. එයට බේකිං සෝඩා එකතු කරන්න.මෙය හොඳින් කලතා විනාඩි 10 ක් පමණ පාද බේසමට දමා ගෙන සිටින්න.

 


 පසුව පාද උණුසුම් ජලයෙන් සෝදා ගන්න.තුවායකින් හොදින් තෙත පිසදා ගන්න. ඔබ දිනපතා පාද වලට ආලේප කරන ක්‍රීම් වර්ගය ආලේප කර ප්‍රතිඵල  භුක්ති විඳින්න.

 

 

 







මුලාශ්‍රය: magicalrecipesforhealthylife.com

Post a Comment

Previous Post Next Post