ඔබේ විළුඹත් ගොරෝසු වී පෑලී තිබේද ? එහෙනම් ප්‍රතිකාර මෙන්න !

අද වන විට විළුඹ පැලීම හැමෝටම පොදූ සමේ ප්‍රශ්නයක්. සමහරුන්ට හුදෙක් බාහිරින් මෙය ඉතා වේදනාකාරී තත්ත්වයක් දක්වා පරාසයක ඇති විය හැකි යි. මෙය අධික වූ විට නිසැකව ම  ඇසට පෙනෙන විට අප්‍රසන්න වේ.

මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ වියළි හා ගොරෝසූ  සමක් ඇති වීමයි. විශේෂයෙන් විලුඹ ආශ්‍රිත සම කහ පාට හෝ තද දුඹුරු පැහැයක් ගැන් වේ. මීට අමතරව විලුඹ රත්පැහැ ගැන්වීම , කැසීම , දැවිල්ල සහ සම ගැලවී යාම වැනි  ගැටලු උත්සන්න වීමෙන් රුධිර වහනය හා වේදනාව නිසා ඇතිවන ඉරි තැලිම් වැළැක්වීම සඳහා මෙයට ඉක්මන් ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ.

දෙපා පිළිබද නොසැලකිළිමත් කම, අහිතකර ආහාර ගැනීම, වයස් ගත වීම, වියළි වාතය, සමේ තෙතමනය මද වීම,    අහිතකර පාවහන් පැළදීම යනාදිය  විලුඹ පැලීමට හේතු වෙනවා. තවද, මෙම ගැටලුව යම් යම් ලෙඩ රෝග නිසාත් ඇති වෙන්නට පුලුවන්.

අද ලිපියෙන් පෙන්වන්නේ විළුඹ ගොරෝසු වී පැලී තිබේනම් එය සාර්ථකව නැති කරන ආකාරයයි. මෙය පහසුවෙන් හා නිවසේදිම කර ගත හැකි පිළියමකි. එය සති දෙකකට වඩා අඩු කාලයක් තුළ ප්‍රතිඵල ලබා දෙයි.

ක්‍රියාවලිය :

Aspirins 10ක් ගෙන කුඩු කර ගන්න. (acetylsalicylic අම්ලය) හෝ Andols ( acetaminophen ) හිනීයට තලා ගෙන ඇතිල්ලීම සඳහා මත්පැන් 70% (250ml) ක් සමග මිශ්‍ර කළ යුතුයි.පසුව මෙය කුඩා වීදුරු බෝතලයකට දමා  දින 1-2 ගබඩා කර  තබන්න.

ඉන්පසු සෑම රාත්‍රියකම, භාවිතා කිරීමට පෙර බෝතලය හොදින් සොලවන්න. කපු පුළුන් කැබැල්ලක් හෝ ගෝස් කැබැල්ලක්  ගෙන මිශ්‍රණයෙන් ටිකක් පොගවා විලුඹ ආශ්‍රිත ප්‍රදේශය මත ආලේප කරන්න.ඔබේ විලුඹ ප්ලාස්ටික් ෆොයිල් එකකින් හෝ මේස් එකකින් ආවරණය කරන්න.

මෙම ප්‍රතිකාරය රාත්‍රියේදි කර පසුදා උදෑසන ඇල් ජලයෙන් සෝදා තුවායකින් හොදින් පිසදා ගන්න.

මෙම ක්‍රියාවලියෙන් පසුව ඔබේ පාද මත glycerin හෝ තෙල් ගතිය සහිත ක්‍රිම් වර්ගයක් ආලේප කරන්න.ක්‍රිම් ආලේප කිරීමට පෙර මෙයින් පාද පිරිසිදු කර  ගැනීම ඉක්මන් ප්‍රතිඵල ගෙන දේ.

ප්‍රතිකාර 10 - 15කින් පසු, ඔබේ පාද වල තිබු ගොරෝසු බව හා  විලුඹ ආශ්‍රිතව තිබු පැලීම් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වනු ඇත.

මෙම සත්කාරය වේදනාකාරී නහර ගැට ගැසීම සඳහාද ප්‍රතිකාරයකි.එවැනි අවස්ථාවක දී , මෙම ආශ්චර්යවත් පිළියම මගින්  ප්‍රථම ප්‍රතිකාර කිහිපයකට පසුව  වේදනාව ඉවත්වේ.



මූලාශ්‍රය: www.healthyandnaturallife.com

Post a Comment

Previous Post Next Post