විලාසිතා යනු ජනප්‍රිය ශෛලියක් වේ. ඇඳුම්, පාවහන් , නොයෙක් ආභරණ, හැඩ ගැන්විම් මේ යනාදී සියලුම දේ විලාසිතා අතරට එක් වේ. විලාසිතා කරන කෙනෙක් ඇඳුම් තුල ඇති සුවිශේෂි බව හා බොහෝ විට නවීන ප්රවණතාවයන්ට මුල්තැනක් දෙයි.විලාසිතා මවන්නියකට එය එතරම් ලෙසි පහසු කාර්යක් නොවේ.ඔවුන් එකකට එකක් වෙනස් සහ හොදම දේ කිරිමට උත්සහ ගන්නවා. සෑමවිටම විලාසිතාවක් කෙනෙකුට ආත්ම අභිමානය වර්ධනය මෙන්ම සැප පහසු බව ගෙන්විය යුතුයි.ඔබ අදින පළදින ආකාරයෙන් පවා කෙනෙකුට ඔබ ගැන යම් ප්‍රමාණයක විනිශ්චයක් දිමට හැකි වනවා.අපි විශ්වාස කරන දෙයක් තමයි විලාසිතා යනු අපි අදින දේ කුමක්ද යන්න පමණක් නොව අපි එය අදින්නේ කෙසේද යන්නයි. විලාසිතා කිරිමට අපි කවුරුත් කැමතියි. එය ගැහැණු, පිරිමි බේදයකින් තොරව සැමටම පොදු දෙයකි. නමුත් අපි අපට ගැලපෙන දේ තොරා ගැනිමට කටයුතු කල යුතුයි. විලාසිතා හරියට අපේ ජිවිතය වගේ එය නිදහසේ විඳින්න.මෙහි එන රූපලාවණ්‍ය ආලේපන,රෙදිපිළි, පාවහන්, ආභරණ මෝස්තර නවතම නිර්මාණ වේ.
මෙහි දැක්වෙන්නේ වසන්ත සහ ගිම්හාන කාල වලට ඔබින 2016 වසරේ එළි දැක්වුන නවතම විලාසිතා ප්රවණතා වේ
Post a Comment