ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම.. දැන් රට පුරා ක‍්‍රියාත්මකයි..

රටපුරා ජනතාවට නිවෙසටම ගෑස් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ආරම්භ කර තිබේ.
ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1311 අංකය ඇමතීමෙන් එම පහසුකම ලබාගත හැක.
ගෑස් සිලින්ඩරයේ මිලට අමතරව ප්‍රවාහනය සඳහා සාධාරණ ගාස්තුවක් ද මෙහිදී අයකරන බව සමාගම සඳහන් කරයි.
පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීම සදහා වන වැඩපිළිවෙළට සහාය ලබාදීම සඳහා මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

-Lnkacnews-

Post a Comment

Previous Post Next Post