අවුරුදු 50කට පස්සේ Toyota Corolla Hybrid වෙයි
වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉන්ධනවලින් ධාවනය වන කොරොල්ලා රථ නිපදවූ
ටොයෝටා සමාගම එය hybrid තාක්ෂණය ඔස්සේ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට
තීරණය කොට තිබෙනවා. ඒ අනුව ටොයෝටා කොරොල්ලා හයිබි්‍රඩ් පළමු රථ මාදිලිය
ඉදිරි වසරේ මාර්තු මාසයේ සිට ඇමෙරිකානු වෙළඳපොළට හඳුන්වාදීමට ටොයෝටා ආයතනය
තීරණය කොට තිබෙනවා.
අඟල් අටක ටච් ස්ක්‍රීන් එකක්, Apple carplay සහ රථය තුළ වයි ෆයි
සම්බන්ධතාවක්ද ඇතුළත් වෙනවා. අඟල් 15ක ඇලෝයි වීල් පද්ධතියකින් සහ අශ්වබල
121ක හයිඩ්‍රයිඩ් බැටරි පද්ධතියක් සහිත මෙම රථයට තත්පර 10.5කදී
පැ.කි.මී.96.5ක පමණ වේගයක් ලබාගත හැකි බව දැනගන්නට ලැබෙනවා.
Post a Comment