කෝමාරිකා වල ඇති විවිධාකාර ඖෂධීය ගුණ හා සෞඛ්ය ප්‍රතිලාභ හේතුවෙන් රූපලාවන්‍ය නිපැයුම් සඳහා වඩාත්ම භාවිතා කරන අමුද්‍රවය වලට මෙය එක් වෙනවා. කෙසේ වෙතත්, ඔබට සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක් ඇති කර ගැනීමට මිල අධික රූපලාවන්‍ය නිපැයුම් වලට මුදල් වැය කිරීමට අවශය වෙන්නේ නැහැ. එනම්, ඔබ කල යුත්තේ සරල ක්‍රියාදාමයක්. කෝමාරිකා ඔබේ සමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කරනවා.
එංගලන්තයේ වෙසෙන එක්තරා කාන්තාවක් දිනපතා ඇගේ මුහුණ මත කෝමාරිකා ආලේප කලා. 7 වැනි දිනට පසු ඇගේ මුහුණේ සිදූ වී ඇති විශාල වැඩි දියුණු වීමක් ඇය දුටුවා. දින 7 කට පසු ඇගේ සම මෘදු හා පැහැපත් බවකින් දිස්වුනා.
මෙම ක්‍රමය අතිශය සරල සහ පහසු වන අතර ඇත්තෙන්ම, ඔබට භාවිතා කිරීමට අවශය වන්නේ කෝමාරිකා පමණක් වේ. කෙසේ වෙතත්, මෙම බලපෑමෙන් ඔබේ සම දීප්තිමත් වනු ඇත!
පහත දැක්වෙන්නේ සෞඛ්ය සම්පන්න සමක් ලබා ගැනීමට කෝමාරිකා භාවිතා කරන ආකාරය වේ:
1. ශාකය හොඳින් සෝදන්න.
කෝමාරිකා මනා ලෙස සෝදා එහි සියලු කොළ පිරිසිදු කර ගන්න.
2. කෝමාරිකා කොළ මෘදු කරන්න.
එය මෘදු කර ගැනීම සඳහා සෙමින් පත්‍ර වලට තෙරපීමක් ලබා දෙන්න.
3. කෝමාරිකා කොළය දෙකට මැද්දෙන් කපා ගන්න.
කොළය කුඩා කොටස් ලෙස හෝ දෙකට මැද්දෙන් කපා ගන්න.
4. කොළ වල දාර කපා ගන්න.
කෝමාරිකා කොළ වල දෙපැත්තෙම දාර පිහියකින් කපා ගන්න. එය විවෘත කිරීමට හා ඉතා පහසුවෙන් එය ගා ගැනීම සඳහා දාර කපා ඉවත් කරන්න.
5. කොළයේ ඇති ජෙල් කොටස වෙන් කර ගන්න.
ඔබගේ අතින් මෙය කිරීමට අපහසු නම් පිහියක් භාවිතා කර වෙන් කරන්න.
6.යුෂ වෙන් කර ගන්න.
එහි යුෂ ගැනීමට අවශය නම් වැඩි වෙලාවක් ගත නොකර හැන්දක් භාවිතා කර යුෂ වෙන් කර ගත හැකියි.
7. ඔබේ මුළු මුහණේම මෙය ආලේප කරන්න.
ඔබේ මුහුනේ කෝමාරිකා යුෂ ආලේප කිරීමට ඇඟිලි තුඩු භාවිත කරන්න. මුහුණ සම්බාහනය කිරීම සඳහා කෝමාරිකා කොළයම භාවිතා කරන්න.ආලේප කර විනාඩි 20 ක් පමණ මුහුණ මත වියළීමට තබන්න.
8. සෝදා ඉවත් කරන්න.
පිරිසිදු ජලයෙන් මෙය සෝදා ඉවත් කරන්න. මේ සඳහා සබන් හෝ රසායනික නිෂ්පාදන භාවිතා නොකරන්න. එවිට කෝමාරිකා වල බලපෑම අඩු විය හැකියි.
9. සෞඛ්ය සම්පන්න සහ දිලිසෙන සමක්.
පිරිසිදු තුවායකින් මුහණේ තෙත ඉවත් කර ගන්න.ඔබේ වියළී ගිය මුහුණ හුදෙක් බබළන, මෘදු සහ සෞඛ්ය සම්පන්න වනු ඇත!
Post a Comment