ලෝකයේ ඇති සෞඛ්යමත්ම ආහාරය මෙයයි.මෙහි ඇති බොහෝ වු සෞඛ්යමත් ගුණ නිසාවෙන් හෘදයාබාධ, රුධිර පීඩන, කොලෙස්ටරෝල් ඇතුළු සෞඛ්ය ගැටළු රැසකට ගුණදායක වේ.
රටඉදි වල ඇති ඉහළ පෝෂය පදාර්ථ හේතුවෙන්,විවිධ සෞඛ්ය ප්‍රතිලාභ අපට ලබා ගත හැකිය.
ආඝාතය වළක්වයි.
රටඉදි පොටෑසියම් වලින් පොහොසත්ය. ස්නායු පද්ධතියේ සෞඛ්ය ප්‍රවර්ධනය කරන ඛනිජ ඇති නිසා මෙය විශේෂයෙන් වැදගත් වේ. කොහොම නමුත් දිනකට පොටෑසියම් මිලි ග්රෑම් 400 ක මාත්‍රාවක් ගැනීමෙන් ඵලදායී ලෙස මෙවැනි ප්‍රශ්න වළක්වා ගත හැක.
කොලෙස්ටරෝල් පාලනය කරයි.
රුධිර නාල පිරිසිදු කර, රුධිරය කැටිති ගැසීම වළක්වයි.මේ පළතුරු නිසා සෞඛ්යයට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම හෝ LDL පාලනයකරනු ලබයි.
රුධිර පීඩනය පාලනය කරයි.
ඉහළ සෝඩියම් සහ පොටෑසියම් අන්තර්ගතය නිසා අධික රුධිර පීඩනයෙන් පෙළෙන ජනතාව නිතර නිතර රට ඉදි ආහාරයට ගත යුතුය. රටඉදි 5ත් 6ත් අතර ප්‍රමාණයක මැග්නීසියම් මිලිග්රෑම් 80 ක් පමණ තිබෙනවා.රුධිර නාල හරහා පැතිර යන නිසි රුධිර ප්‍රවාහයක් සඳහා මෙය අත්‍යවශ්‍ය වන අතර,මැග්නීසියම් මිලිග්රෑම් 370 කින් රුධිර පීඩනය ඵලදායී ලෙස අඩු කර ගත හැකියි.
හෘදය ශක්තිමත් කරයි
රටඉදි දින කිහිපයක් තිස්සෙ රාත්‍රියට ,උදෑසනට ජලයේ පොඟවා ගෙන එහි ඇති ඇට ඉවත් කර ඔබේ ආහාරයට හෝ බීම වර්ග වලට එකතු කර ගන්න.
පාචනය වළක්වයි.
රටඉදි පොටෑසියම් බහුල ආහාරයක් වන අතර මෙයින් පාචනය වළක්වයි. රටඉදි බඩවැල් සඳහා අතිසාර්ථක ලෙස යහපත් බැක්ටීරියාවන්ට සහය දෙයි.
යකඩ වලින් ඉහළයි.
යකඩ දරුවන්ගේ හා ගර්භනී කාන්තාවන්ගේ නිරක්තියට ඉතා ප්‍රයෝජනවත් වේ. එනම්,රට ඉදි ග්රෑම් 100 ක, යකඩ මිලි ග්රෑම් 0.9 අඩංගු වන අතර යකඩ දිනපතා ආහාරයට ගත යුතු ප්‍රමාණය 11% ක් පමණ වේ. තවද, රුධිර මාර්ගයෙන් ඔක්සිජන් ගලා යාමට සහාය දී හිමොග්ලොබින් සහ රතු රුධිර සෛල කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි.
මල බද්ධය නැති කරයි.
මෘදු ආරේචක බලපෑම් ඇති නිසා රටඉදි මල බද්ධය වළක්වයි. මේවා සවස් වරුවක ජලයේ පෙගෙන්නට හැර ඊළඟ දවසේ උදේ පරිභෝජනයට ගන්න.
ශරීරයේ බර පාලනය කරයි.
උදෑසන හිස් බඩ මත රටඉදි පරිභෝජනය ඵලදායී ලෙස බර පාලනය කරන අතර එවා වල කොලෙස්ටරෝල් නැති බැවින් ඔබේ ශරීරයේ බර පාලනය කිරීමට උදව් කරයි. එහෙත්, රටඉදි වල සීනී ප්‍රමාණය ඉහළ බව කරුණාවෙන් මතකයේ තබා ගන්න.ඒ නිසා වැඩිපුර ප්‍රමාණයක් කන්න එපා.
මූලාශ්‍රය : healthydefinition.com
Post a Comment