ඔබ කෝපයෙන් හෝ කලකිරීමෙන් නින්දට නොයා යුත්තේ ඇයි? කියවන්න!


මම දැන හඳුනන ඕනෑම කෙනෙකුට දෙන උපදෙස තමයි කවදාවත්  තරහෙන් නින්දට  යන්න එපා.

එහෙත්, ඔබ මෙතෙක් එය කල්පනා කළේ නැද්ද?


සමාජ මනෝ විද්‍යාව යන සඟරාවේ නව අධ්යයනයන්ට හා පෞරුෂත්ව විද්‍යාවට අනුව , ඔබ කෝප හෝ නොවිසඳුනු ප්‍රශ්නයක් සමග නින්දට  යන්නේ නම් එය විශාල ලෙස ඔබගේ නින්දට බලපෑම් ඇති කළ හැකි බව එහි පෙන්වා දී තිබේ.



නොවිසදුන තර්ක ඔබගේ අඩු ගුණාත්මක නින්දට වගේම ඔබේ සෞඛ්ය මත අඩු ශක්තියක් මගින් ඇති කරන බලපෑම් වලට විශාල ලෙස හේතු වනවා.



විද්‍යාඥයන්ගේ දත්ත විශ්ලේෂණයට අනුව    යුවළ් 700 කට ආසන්න  ප්‍රමාණයක් විශේෂඥ නින්ද පාලන උපකරණ සහිතව  නින්දට යාමට පෙර ප්‍රශ්න විසඳීම සඳහා කාලය ගත් යුවළ්  වඩා වේගවත්ව  නින්දට යෑමට හැකි වූ බව සොයාගෙන ඇත. මෙමගින් බොහෝ සේ ඔවුනට ක්ෂණික අක්ෂි චලන නින්ද සහිත නින්දේ ප්‍රමාණය දවස පුරා සෞඛ්ය සම්පන්නව හා සුපරීක්ෂාකාරීව  ඉන්න උදව් කළා.



වඩා හොඳ නින්දක් ළඟාකර ගන්නේ කෙසේද?



නින්ද යාමට පෙර තර්ක විසඳීමෙන් ඔබට නිස්කලංකව සිටීමට හා සාංකාව ඉවත් කර ගත හැකි වේ.



සාංකාව මගින් ඇඩ්රිනලින් හෝමෝනය නිපදවනවා.මේ නිසා ඔබට නින්දට යාමට අපහසු වෙනවා. එසේ වන්නේ ඇඩ්රිනලින් නිපදවන නරක දෙයක් සඳහා ඔබේ සිරුර සූදානම් වීම නිසයි.



මෙම කාංසාව හා ඇඩ්රිනලින් ඉවත් කර යුවළ් විසින්  "අවධානය යොමු කිරීමෙන් තේරුම් ගැනීම තහවුරු කර"අපේ දෙමාපියන් අපව ආරක්ෂාකාරී හා සුරක්ෂිතව බලා ගත් ආකාරයට දැනෙන පරිදි කිරීමෙන් නින්ද වඩාත් පහසු හා නිස්කලංක බවක් අපට ඇති කරයි.



වර්තමානයේ දෙමව්පියන්ගේ සැර කිරීමෙන් පසුව නින්දට යන තරුණ දරුවන් හටද මෙම බලපෑම ඇති බව සොයා ගෙන තිබේ. මේ නිසා ඔවුන් තනිව සිටින විට අනතුරක් නැතිව ආරක්ෂිතව සිටිය හැකියැයි ඔවුන්ට සිතෙනවා.



ඔබට වඩාත් හොඳ රාත්‍රී නින්දක් සපයා ගැනීමට, නිදා ගන්න කලින් තර්කයන් විසදා ගැනීම් මගින් ඔබේ සම්බන්ධතාවයන් වඩාත් ගැඹුරු ශක්තිමත්ව නිර්මාණය කළ හැකියි.



එකිනෙකාට සවන් දීමට සහ එම තර්ක විසඳීම සඳහා කාලය ගැනීම මගින් ඔබ දෙදෙනාම වඩාත් ගෞරවයට පාත්‍ර වූ බවක් දැනෙනවා වගේම යුවළක් ලෙස  සමීප වීමට ඔබට එය සහාය වෙනවා.



ඔබගේ සම්බන්ධතාවය බොහෝ තර්ක දිනා ගැනීමට වඩා වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති.මේ නිසා ඔබට ඔවුන්ව වඩා වැදගත් ලෙස දැනෙනවා. ඔබ අන් කිසිවකට වඩා ඔබේ සම්බන්ධය අගය කරන බව මෙයින් පෙන්වයි.  


නිදාගැනීමට පෙර තර්ක විසදා ගැනීම මගින් නව දවසකට දීප්තිමත් ආරම්භයක් ලබා දෙයි. 

 

 

 









යොමුව :

  •     Sage Pub
  •     Conscious Life News

Francesca F ගෙනි.

Post a Comment

أحدث أقدم