බඩ පිපීම හැමෝටම පොදු තත්වයකි.මෙය සාමාන්‍යයෙන් අධික කෑමේ ප්රතිඵලයකි. එසේ නොකළොත් මෙය බරපතල නොවන නමුත්,ඒ නිසා ගොඩක් අසහනය ඇති විය හැකියි. අධික කෑමට අමතරව, මේ තත්වය ඇති විය හැකි ඊට ඇතුළත් අනිකුත් දෑ පහත සදහන් වේ.
- කන විට හෝ කතා කරන විට අතිරික්ත වාතය ගිල ගැනීම.
- උදරය තුළ තරල රඳවා තබා ගැනීම (මෙය ද බරපතළ සෞඛ්‍ය ගැටළුවකි )
- ෆයිබර් වලින් පොහොසත් ආහාර අනුභව නිසා බඩවැල් ගෑස් ඇති වීම (එවැනි එළවළු සහ පළතුරු ජාති )
- හොඳින් මල පිට නොකිරීම ( බඩවැලේ උද්දීපක තත්ත්වය )
- ලැක්ටෝස් නිසා ඇති වන අසහනය
- ඩිම්බකෝෂ ගැටිති ඇති වීම
- අර්ධ බඩවැල් බාධාව
- ගර්භනී බව
- ඔසප් වීමට ආසන්න සහලක්ෂණ (PMS)
- තන්තුමය තත්වය
- බර වැඩිවීම
නිතර නිතර බඩ පිපීම ඇති අය සාමාන්‍යයෙන් මේ තත්ත්වය මඟහරවා ගැනීමට විවිධ පෙති වර්ග භාවිතා කරනවා. කෙසේ වෙතත්, ඔවුන් මේ ආකාරයේ ඖෂධ වලට ඇබ්බැහි වීමෙන් ලබා ගන්නේ තාවකාලික සහනයක් පමණයි.
වාසනාවකට මෙන්, බඩ පිපීම සරල පිළියමක් මගින් නිවසේදීම කර ගත හැකියි.
ඔබට අවශ්‍ය දේ :
- වතුර වීදුරුවක්
- ඇපල් සයිඩර් විනාකිරි මේ හැ 2ක්
ඔබ කළ යුත්තේ කුමක්ද?
- හොඳින් එකට එකතු වන පරිදි අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න.
- සකස් කිරීමෙන් පසු ඉක්මනින් පානය කරන්න.
- ඇත්ත වශයෙන්ම ඇපල් සයිඩර් විනාකිරි සිරුරේ බර අඞු කිරීමට උත්තේජනය කර ආහාර දිරවීම වැඩි දියුණු කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වන අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට අමතරව එකතු කර ගත හැකි දෙයකි.
බඩ පිපීම වැළැක්වීම සඳහා සරල ඉඟි:
- සෙමින් කා ගිලීමට පෙර හොඳින් හපන්න.
- මෙම ආහාර ඔබේ කෑම වේලට එක් කර ගැනීමෙන් බඩ පිපීම වළක්වා ගත හැකියි - පෙපර්මින්ට් තේ , ඉඟුරු, අන්නාසි, පාස්ලි හා යෝගට් ප්‍රෝබයොටික්
- මෙම ආහාර නවත්වන්න. ලුණු, බදින ලද ආහාර, පිරිපහදු නිෂ්පාදන, පැණි බීම , රස කැවිලි හා අධික ලෙස මත්පැන් බීම මගින් ඔබේ උදරය වැඩියෙන් වැඩ කරනවා. මෙමගින් ආහාර දිරවීම අඩු කරනවා.
- ශාරීරික ක්‍රියාකාරකම් සමස්ත සෞඛ්‍ය හා සුභසාධනය සඳහා ඉතා වැදගත් වේ. මේ නිසා නිතිපතා ව්‍යායාම් කරන්න.
- ඔබේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වයට මානසික ආතතිය සෘජුවම බලපාන නිසා මානසික ආතතිය අඩු කර ගැනීම.
naturalmedicinebox.net
Post a Comment