මොළය යනු ශරීරය තුළ තිබෙන විශාලතම හා එක් එක් ප්‍රධාන පාලන මධයස්ථානය නියෝජනය කරන ඇදහිය නොහැකි තරම් වැදගත් ශරීර අංගයකි. එමගින් බහු කර්තව්‍යයන් , වගකීම් හා කාර්යයන් මෙන්ම, තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමේ හැකියාවද පවති.
විවිධ බරපතල සෞඛය ගැටළු හා සංකූලතා ඇති වීමෙන් එහි සියුම් වයුහයට ඉතා පහසුවෙන් හානි සිදු විය හැකියි. ඒ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂන වලට අනුව පහත දැක්වෙන්නේ මෙම කාලයේ මොළයට හානි කරන ප්‍රධාන පුරුදු 10 යි.
1. උදෑසන ආහාරය නොගැනීම
උදේ කෑම වේල දවසේ වඩාත්ම වැදගත් ආහාර වේල බව අපි නිතරම අසා තිබෙනවා. නමුත් සමහරුන් දෛනිකව රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට නියත වශයෙන්ම මෙය මග හරිනවා.
කෙසේ වෙතත්, රාත්‍රි ආහාර වේලෙන් පසු කිසිදු ආහාරයක් නොගෙන සිටීම, උදෑසන කෑම වැළැක්වීම නොහොත් පෝෂය පදාර්ථ ප්‍රමාණවත් තරම් මොළයට ලබා නොදීම නිසා නැවත නැවතත් මොළයේ පරිහානිය ඇති කරනවා.
2. නින්ද අහිමි වීම
දීර්ඝ කාලයක් නින්ද අහිමි නම් මොළයේ සෛල මිය යන්නේ ඉතා වේගවත්වයි. නින්දක් ලැබීම මගින් දිවා කාලයේ පීඩනයෙන් ශරීරයට විවේකයක් සහ අලුත්වැඩියාවක් සපයයි. ඒ නිසා, නින්ද සෑම විටම ඔබගේ ප්‍රමුඛතා අතර විය යුතුය!
3. වැඩි සිනී ප්‍රමාණයක් ආහාරයට ගැනීම
අවාසනාවකට මෙන් , අප පරිභෝජනය කරන සියළුම ආහාර, බීම වර්ග වල සිනී සඟවා ඇත. ඉහළ සීනි ප්‍රමාණයක් ගැනීම මගින් මොළයේ ආබාධ මෙන්ම මන්දපෝෂණය හා මොළයේ සංවර්ධනය සඳහා ප්රමුඛ පෙළේ, පෝෂය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ශරීරයට ඇති හැකියාව විනාශ වෙනවා. ඔබ සීනි වලින් වැළකී සිටිනවා නම් , ඔබට මහත් ප්රතිලාභ ලැබෙනවා.
4. අධික ලෙස කෑමෙන්
අධික කෑමෙන් බර වැඩි වේ. බඩ පිපීම, ආත්ම අභිමානයට හානි වීම මෙන්ම මානසික බලය හා මොළයේ ඇති ධමනි ඝන වීම අඩු කරයි.
5. දුම් පානය කිරීම
මෙය ඉතාම අහිතකර පුරුදු වලින් එකක් වන අතර, අනෙකුත් අතුරු ආබාධ වැඩි ප්‍රමාණයක් ඇති ඩිමෙන්ශියාව ආශ්රිත රෝග මෙන්ම ඇල්සයිමර් රෝගය ලෙස සැලකෙන "බහුවිධ මොළයේ හැකිළීම " රෝගයට මඟ පෙන්වයි.
6. නිදා ගන්නා විට හිස ආවරණය කර ගැනීම
මෙම පුරුද්ද නිසාවෙන් රාත්‍රි කාලයේ ඔක්සිජන් ප්‍රමාණය ලැබෙන්නේ අඩුවෙන්. නිදාගෙන සිටියදී, හිසට ආලෝකයක් හා වාතයක් ලැබෙන්නේ නැහැ. මීට අමතරව, අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් එකතු වීමෙ වැඩි අවදානමක් පවතී.
7. වායු දුෂණය
ඔබ මුළු දවස පුරාම අධික ලෙස අවිදිනවා නම් , එවිට මුහුණු ආවරණයක් පැළද නොසිටියෙ නම් මේ ප්‍රශ්නයට ඔබට උදව් කරන්නට බැහැ. මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ඉහළ ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ නිසා දූෂිත වාතයෙන් ආශ්වාස කිරීමට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩු කරයි.
8. ලෙඩ වී සිටින විට මොළයෙන් වැඩ ගැනීම
ලෝකයේ ජීවත්වන සියළු දෙනාම නිරන්තරයෙන් කාලය ගත කරන්නේ ඉතාමත් කලබලකාරී ලෙසයි. බොහෝ මිනිසුන් රෝගාතුර වී සිටින විටදී පවා දිගටම වැඩ කරනවා.
කොහොම නමුත් අසනීපයක් කියන්නේ මනුෂ්‍යයාගේ ශරීරයට හා මොළයට විවේකයක් අවශ්‍ය බව හඟවන සළකුණක්.ඒ නිසා වැඩ කර ලෙඩ රෝග වැඩි වීමෙන් මොළයේ ක්‍රියාකාරිත්වයට හානි සිදු වීමට පුළුවන්.
9. කලාතුරකින් කතා කිරීම
මොළයේ සංවර්ධනය හා වර්ධනය සඳහා කතා කිරීම සහාය වෙනවා. ඒ නිසා බුද්ධිමය සංවාද මොළයේ උපාංග ශක්තිමත් හා එහි කාර්යය වර්ධනය කරයි.
10. ක්‍රියාකාරී සිතුවිලි නොමැති කම
චින්තනය, මොළයට එහි කාර්යය සඳහා පුළුල් සහායක් ලබා දෙයි. ඒ නිසා මෙම ප්‍රබල මෙවලම මගින් සැලකිය යුතු ලෙස මොළයේ චින්තනය වැඩි කිරීමට සහ මනස තුළ නව මාර්ගයක් විවෘත කරයි.
එවිට මොළයේ ස්නායු වල සුවිකාර්යතාව වර්ධනය වනු ඇත. ඔබේ චින්තන ශක්තිය අඩු වීමෙන් මොළය හැකිළීම හේතු කොට ගෙන ඔබගේ දක්ෂතා හා හැකියාවන් අඩු වනු ඇත.
මොළය සුන්දර මෙවලමක් වන නිසා ඔබ එය තවදුරටත් වර්ධනය කරන ආකාරය ඉගෙන ගත යුතු වන අතර, එය ඔබ වෙනුවෙන් හාස්කම් කරන්න පුළුවන්!
මූලාශ්‍රය : fitlife.tv
إرسال تعليق