ඔබටත් කලබල ගතිය, ධෛර්යක් නොමැති කම හෝ කනස්සලු ස්වාභාවයක් පවතිනවද? හොඳයි, එක් එක් ඇඟිල්ල ඔබේ හැඟීම් හා මනස සම්බන්ධව බැඳී පවතින බව ඔබ දන්නවාද ?
පුරාණ වෛද්‍ය විද්‍යාව නියත වශයෙන්ම විශ්මයජනක වේ! ඔබට මේ පිළිබඳව සැකයක් ඇත්නම්, එසේ නම් ඔබ පැරණි Jin Shin Jyutsu ජපන් සුව ක්‍රම පිළිබඳව අසා නෑ.
හොඳයි, මෙය ඔබට අලුත් නම්, ඔබ මේ ලිපිය කියවා ඒ තුලින් ඔබේ මනසට මෙම ක්‍රමය ඵලදායී වන අයුරු හා ඔබේ හැඟීම් වලට මනස කෙතරම් බලපානවද යන්න පරීක්ෂා කර බලන්න. මෙහි ඉතිහාසයට රුචිකත්වයක් දක්වන අයට මෙය හඳුන්වා දී තිබෙන්නේ එක්සත් ජනපදයේ ආසියානු -ඇමරිකානු Mary Burmeister විසින් වන අතර මෙම දක්ෂතාව ඉගෙනගත්තේ Jiro Murai ගෙනි. ජපානයේ මැද භාගයේ දී එය ඇත්ත බව පිළිගෙන එතැන් සිට එය අවට ජනප්‍රියත්වයක් ලබා ඇත.
ඇත්ත වශයෙන්ම , ඔබ හට මෙම ක්‍රමයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හෝ අත් හදා බැලීමට කිසිම විද්වතකුගේ අධීක්ෂණයක් හෝ මග පෙන්වීමක් අවශ්‍ය නෑ.
සිත්ගන්නා කාරණය වන්නේ,මෙම තාක්ෂණය මගින් ඔබේ ඇඟිලි භාවිතා කර මානසික ආතතිය , කාංසාව, ශෝකය හා නොසංසුන් බව ඔබේ සිරුරෙන් තුරන් වීමයි. එක් එක් ඇඟිල්ලක් එක් එක් අවයව හා සම්බන්ධ වන බව විශ්වාස කෙරේ. උදාහරණයක් ලෙස, මුදු ඇඟිල්ල හදවතට සම්බන්ධ බව විශ්වාස කෙරේ.මුද්ද ප්‍රේමය සංකේතවත් කිරීමට එහි දමන්නේ ඒකයි.
එක් එක් ඇඟිල්ලේ හැඟීම්බර සම්බන්ධයක් ඇති බව මෙයින් තහවුරු වේ. පහත දැක්වෙන්නේ මෙම ආකාරය වේ :
මහපටැඟිල්ල - කණස්සල්ල
දබරැඟිල්ල - බිය
මැදැඟිල්ල - කේන්තිය
වෙදැඟිල්ල (මුදු ඇඟිල්ල) - ශෝකය
සුළැඟිල්ල - හීන ආත්ම අභිමානය
අපේ ශරීරය පූරා විශාල ශක්තියක් දිවෙන බව ජපනුන් විශ්වාස කළා. ඒ අතරම එය නිසි ආකාරයෙන් සිදු වනවා නම් ශරීරය සැහැල්ලූ වන බවත් ඔවුන් සිතුවා. ඉතින්,ඇයි ඔබේ සිරුරේ සැනසීම සඳහා මෙම තාක්ෂණය උත්සාහ නොකරන්නේ ?
පහත සඳහන් සරල පියවර මගින් මෙම තාක්ෂණය උත්සහ කර බලන්න.
1. හොඳයි, ඔබ දැන ගැනීමට අවශ්‍ය පළමු දෙය වන්නේ ඔබේ ඇඟිලි හැඟීම් හා සම්බන්ධ වී ඇති ආකාරය වේ. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ මුහුණෙන් ප්‍රකාශ කරන්නේ මෙම හැඟීමුයි. මෙය සිදු කරන්නේ ඔබගේ හැගීම සමග සහසම්බන්ධිත ඇඟිල්ල පිළිබඳ අවධානය යොමු කිරීමෙනුයි. එක් එක් ඇඟිල්ලෙන් කුමක් පෙන්නුම් කරනවාද යන්න ඔබ නොදන්නා විටකදී ඔබ සමබරව ඇඟිලි 5 ටම දැනෙන ආකාරයට මෙය කල හැකියි.
2. විනාඩි කිහිපයක්,විනාඩි 2 - 5 ත් අතර වගේ අදාළ ඇඟිල්ල දැඩි ලෙස අල්ලන්න.
3. සෙමින් හුස්ම ඉහළ පහළ යවන්න.
4. ඔබ අල්ලන ඇඟිල්ලේ ශක්ති ස්පන්දනය හැඟෙන විට, ඔබ මුහුණ දෙන හැඟීම් මත පදනම්ව අනෙක් එකට මාරු වෙන්න.
මෙහි සුන්දරත්වය නම් ඔබට ඕනෑම තැනක, ඕනෑම වේලාවක දී එය කිරීමට හැකි වීම යි !
ඒ නිසා, ඔබ පොතක් කියවන විට, යමක් නරඹන විට හෝ වාහනයක් පදවනවිට දී වුවද ඔබට කවදා හෝ කනස්සලු ස්වාභාවයක් දැනුනු විටදි , මෙම තාක්ෂණය ඔබගේ හැඟීම් හා සෞඛ්ය වැඩි දියුණු කිරීමට භාවිතා කරන්න!
යොමුව :
Healthy Food StarJsjinc
Balance Flow
Egline J ගෙනි.
إرسال تعليق