නිවසේදීම සාදා ගත හැකි කැස්ස නැති කරන ඔසුව මෙන්න!



අද අපි ඔබට කියාදෙන්නේ නිවසේදීම සකස් කර ගත හැකි පහසුවෙන්ම කැස්ස නවත්වන  වට්ටෝරුවක් ගැනයි.
මෙම වට්ටෝරුවට අවශ්‍ය වන්නේ ඉඟුරු, මී පැණි හා ලෙමන් වේ. 



ඉගුරු වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිවෛරස් සහ ප්‍රතිබැක්ටීරීය ගුණ වලට ස්තූතිවන්ත වෙන්න මෙයින් උගුරේ අමාරු වලට අතිසාර්ථක ස්වභාවික ඔසුවක් ලෙසින්  ක්‍රියා කරනවා.







කැස්ස සමනය කළ හැකි ඔලෙයොරෙසින් නම් අංගයක් මෙහි ඇත.මී පැණි උගුර සනසවන කැස්ස සන්සුන් කිරීමට උදව්  කරන තවත් ඉතා පැරණි පිළියමක් වේ. තවද, මෙහි ඉහල ශ්වසන ආසාදන හා සටන් කිරීමට උදව් කරන ප්‍රතිඔක්සිකාරක, සහ ඇන්ටිමික්‍රොබින් ගුණ ඇත.









ලෙමන් වල ඇති ඉහළ විටමින් C අන්තර්ගතය නිසා ලෙමන් යුෂ මගින් කැස්ස මර්දනය, සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කිරීම සඳහා සහය වෙයි.එහි ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතියට විහිදුවයි. ලෙමන් ගෙඩි වල ආසාදන හා සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිවෛරස් සහ ප්‍රතිබැක්ටීරීය ගුණ ඇත. 


නිවසේදීම සාදා ගත හැකි ඉඟුරු, මී පැණි හා ලෙමන් එකතු කල පැණිය. 




ඔබට අවශ්‍ය වන දේවල් :

  •     ඉගුරු
  •     අමු මී පැණි
  •     ලෙමන් ගෙඩි 02ක්
  •     ජලය
  •     පිහියක්
  •     ග්‍රේටරයක්
  •     සෝස් පෑන් එකක්
  •     හැන්දක්
  •     මිනුම් කෝප්ප හෝ  හැඳි
  •    පෙරහනක්
  •    කැස්ස සිරප් දැමීමට සුදුසු භාජනයක්

  


පියවර 


1. ඉඟුරු කෑල්ලක් ගෙන පොත්ත සූරා පෙති කපා ගන්න.









2. ග්‍රේටරය ආධාරයෙන් ලෙමන් පොතු සූරා ගන්න.









3. සෝස් පෑන් එකක් ගෙන වතුර කෝප්පයක් දා ගන්න.








4. කැපු ඉගුරු කෝප්ප 1/4 ක් මෙයට එකතු කරන්න.








5.එයටම ලෙමන් පොතු මේස හැදි 1  1/2 ක් 2ක් දමන්න.








6.මේ සියල්ල එකතු කර  විනාඩි 05 ක් තම්බා ගන්න.








7. පසුව මෙය පෙරා ගන්න.








8. අමු මී පැණි කෝප්පයක් සෝස්පෑන් එකකට දමා අඩු ගින්දරේ රත් කරන්න. නමුත් මෙය උතුරන්නට දෙන්න එපා.








9. කලින් පෙරා ගත් මිශ්‍රණය මෙයට එකතු කරන්න.








10. ලෙමන් මිරිකූ යුෂ ද එයට එකතු කරන්න.








11. විනාඩි කිහිපයක් අඩු ගින්දරේ මෙය තිබෙන්නට හරින්න.








12. ලිප නිවාගෙන සුදුසු වීදුරු භාජනයකට මෙය දමා ගන්න.








ඔබේ නිවසේදී සාදා ගත් කැස්ස පැණිය දැන් සූදානම්.


මාත්‍රාව :

 


  • අවුරුදු 1ත් 5ත් අතර දරුවන්ට සෑම පැය 2කකට වරක්  තේ හැදි 1/2ත් 1ත් අතර ප්‍රමාණයක්.



  • අවුරුදු  5ත් 12ත් අතර දරුවන්ට සෑම පැය 2කකට වරක් තේ හැදි 1ත් 2ත් අතර ප්‍රමාණයක්.



  • අවුරුදු 12 ට වැඩි දරුවන්ට හා වැඩිහිටියන්ටපැය 4කට වරක්  මේස හැදි 1ත් 2ත් අතර ප්‍රමාණයක්.






Post a Comment

أحدث أقدم