ළදරුවන් ස්පර්ශ කිරීම වඩා හොඳ පිළියමක් වන අතර ඔවුන්ද මෙයට හොදින් ප්‍රතිචාර දක්වයි. උදාහරණයක් වශයෙන්, දරුවා කලබල වූ විට, අපි දරුවාව වඩා ගෙන පිට අත ගානවා එවිට කලබල ගතිය අඩු වී යනවා.
ළදරුවන් හැඬීමට හේතු ගණනාවක් තිබෙනවා.පහත දැක්වෙන්නේ වඩාත් පොදු හේතුන් වේ.
නිදිමත හෝ තෙහෙට්ටුව
යට ඇඳුම තෙත් වූ විට
කුසගින්න
ශබ්ද හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් අධිඋත්තේජනය
උදරාබාධ, අම්ල ප්‍රතිවාහ හෝ ආහාර අසාත්මිකතාව
වේදනාව හෝ රෝගී තත්වයක්
බොහෝ සෞඛ්ය ගැටළු සම්බන්ධයෙන් ළදරුවන්ගේ පාදයේ ඇතැම් තැන් ස්පර්ශ කිරීම නිසාවෙන් ඔවුන්ට සහනයක් ඇති වෙනවා. ළදරුවන්ගේ හැඬීම නතර කිරීම සඳහාද මේ ක්‍රියාව සුදුසුයි.
අපි කියාදෙනවා දරුවාගේ පාද මත යම් පීඩනයක් ඇති කර ඒ අනුව විවිධ සෞඛ්ය ගැටළු විසඳන්නේ කෙසේද යන්න.
ඉහළ හා පහළ උදරය
පාද වක්‍රාකාරයෙන් සම්භාහනය ඉහළ උදරය හා සම්බන්ධ වෙයි. ඒ නිසා අජීර්ණ හෝ පිටකිරීමේ බාධාවක් ඇතිනම් හෝ ආහාර ජීර්ණ ගැටළු යනාදියට සහනය සපයයි.පාදයේ යටි ප්‍රදේශය අඩක් වක්‍රාකාරව අඩුවෙන් සම්භාහනය පහළ උදරය හා සම්බන්ධ වේ. එයින් බඩ පිපීම හා මළ බද්ධය වැනි ප්‍රශ්න විසඳා ගැනීමට හැකියි.
ළය පෙදෙස
පාදයේ ඉහළ ස්පර්ශය පපුව හා සම්බන්ධ වේ. මෙම ස්ථානය සම්බාහනයෙන් සෙම්ප්‍රතිෂ්යාව, නිදන්ගත කැස්ස හා පපුව හිර වීම, අලසබව ආදියට ප්‍රතිකාරයක් වේ.
අස්ථි කුහර
පාදයේ මැද සම්බාහනය අස්ථි කුහර හා සම්බන්ධ වේ. එම නිසා පාදයේ මැද සම්බාහනය මගින් අස්ථි කුහර ආශ්‍රිත ගැටළු, ශ්වසන රෝගාබාධ සන්සුන් වනු ඇත.
උකුළු ප්‍රදේශය
පාදයේ විලුඹ සම්බාහනය උකුළු ප්‍රදේශය හා සම්බන්ධ වේ. ඒ නිසා විලුඹ සම්බාහනයෙන් මාංශ පේශි වල තද ගතිය හා ඉරියව් වල ගැටලු නැති වි යයි. එහෙත්,මේ ක්‍රියාවලීන් ස්ථිර පිළියමක් නොවන අතර එය හුදෙක් තාවකාලිකව වේදනාව ලිහිල් කිරීම සඳහාත් බව මතකයේ තබා ගන්න.
හිස \ දත්
පයේ ඇඟිලි තුඩු සම්භාහනය දත්, හිස හා සම්බන්ධ වේ. දත් හා කන් ආසාදන නිසා ඇති වන වේදනාවට ද මෙය සුදුසුයි.
මුලාශ්‍රය : www.healthysolutionteam.net
إرسال تعليق