අප සියලු දෙනාම දන්නවා පොල් තෙල් හා කෝමාරිකා වල වෙන් වෙන් වශයෙන් ඇති සෞඛ්ය ප්‍රතිලාභ පිළිබදව.නමුත් අපේ සම සඳහා මේ දෙක එකතු වූ විට ඊටත් වඩා ඵලදායී වන බව ඔබ දැන සිටියාද?
මෙම මිශ්‍රණය මගින් ලප කැළැල් ඵලදායී ලෙස ඉවත් වෙන අතර එය සකස් කිරීම පවා ඉතා සරලයි. මේ දෙකම බොහෝ විට රුපලාවන්ය කටයුතු සහ රූපලාන්‍ය නිපැයුම් සඳහා ඇතුළත් වේ. නමුත් එවා වල බලපෑම් ලැබෙන්නේ සම්මිශ්‍රණයක් ලෙසයි.
මීට අමතරව, මෙහි සංයෝජන සම්පූර්ණයෙන්ම ස්වාභාවික වන අතර, ඔබට ගොඩක් මුදල් ඉතිරි කර දෙනු ඇත. පළමුව, අපට මේ ද්‍රව්‍ය භාවිතයෙන් ලැබෙන ඉතා වැදගත් ප්‍රතිලාභ සලකා බලමු.
පොල්තෙල්
- වියළිසමට අතිශයින් ප්‍රයෝජනවත් වෙයි.
- සමේ තෙත ගතිය රැක දෙයි.
- ස්වාභාවික දිස්නයක් ලබා දෙයි.
- බලසම්පන්න දිලීර නාශක ගුණ ඇත.
කෝමාරිකා
- සමේ තෙතමනය හා තරුණ බව නැවත ලබා දෙයි.
- මුහුණ රැලි වැටීම,ඇදීම හා ලප කැළැල් නැති කරයි.
- සමේ ආසාත්මිකතා උත්සන්න වීම පාලනය කරයි.
- උතුරන ජලයට , ගින්නට පිළිස්සීම හා හිරු එළියෙන් සිදු වන හානි අවම කරයි.
- මෙම අරුම පුදුම ඔසුව සකස් කරන්නේ කෙසේදෑයි දැන ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
- ඝන ආකාරයෙන් කාබනික පොල්තෙල් 113g ක්.
- .කෝමාරිකා ජෙල් 113g ක්.
- ඔබ කැමති අත්‍යවශ්‍ය සුගන්ධ තෙල් බිංදු කිහිපයක්.
උපදෙස්:
බඳුනකට පොල් තෙල් හා කෝමාරිකා ජෙල් මිශ්‍ර කොට විනාඩි 5ක් පමණ මිශ්‍රණය හොදින් කලවම් කරන්න.ඉන්පසු එයට අත්‍යවශ්‍ය සුගන්ධ තෙල් බිංදු කිහිපයක් එකතු කරන්න.
සාදා ගත් ජෙල් මිශ්‍රණය වීදුරු බදුනකට දමන්න.පියනකින් හොදින් වසා ගන්න.කාමර උෂ්ණත්වයේ ජෙල් තබා ගන්න.
ආලේප කරන ආකාරය:
පීඩාවට පත් සම මත ජෙල් ආලේප කල යුතුය. හොඳම ප්‍රතිඵල සඳහා, ස්නානයෙන් පසුව ආලේප කිරීමෙන් සමේ සිදුරු විවෘත වන අතර එය සමට වඩා හොදින් අවශෝෂණය වේ.
මුලාශ්‍රය : www.healthyfoodvision.com
إرسال تعليق