අපි දවසේ වැඩි වේලාවක් ජංගම දුරකථනය අතැතිව හා පරිගණකයට වී සිටින නිසාවෙන් බොහෝ විවිධ සංඛ්යාත මත විද්යුත් චුම්භක ක්ෂේත්‍ර (EMFs) වෙත අප නිරාවරණය වෙනවා. විකිරණ ශබ්ද නිරාවරණයන් ඔබේ සෞඛ්ය හා යහපැවැත්ම සඳහා හානිකර වේ. ඒ නිසා විකිරණ කෙනෙකුට නිරාවරනය වීම අවම කිරීමට හා වළක්වා ගැනීමට පියවර ගත යුතුය. ජංගම දුරකතනය හා පරිගණකයක් භාවිතා නොකර සිටීම මේ කාලයේ ඉතා දුෂ්කරයි.
1. ලැප්ටොප් පරිගණක වල චුම්බක විකිරණ තියෙනවා. මෙය කප්පාදු කිරීමේ හොඳම ක්‍රමය වන්නේ වඩා ප්‍රධාන බල සැපයුමක් මෙහි බැටරියට ලබා දීමෙන් ඔබේ ලැප්ටොප් භාවිතා කිරීමයි.
2. ලැප්ටොප් පරිගණක වලින් විමෝචනය කරන දෙවන විකිරණ ස්ථරය වන්නේ ගුවන් විදුලි සංඛ්යාතයි.ලැප්ටොප් පරිගණක මත wifi ක්‍රියාත්මක වී ඇති විට RF විමෝචනය කරනු ලබයි.
3. ඔබේ උකුල මත ලැප්ටොප් පරිගණක තබා ගෙන ක්‍රියා කරවීම සුදුසු නොවේ. එයින් විහිදෙන විකිරණ ඉවතට යැවීම සඳහා, හැකි තරම් ඔබේ ශරීරයෙන් ඉවත් කර තබා ගත හැකි වන පරිදි මතුපිටක තබා ලැප්ටොප් පරිගණක භාවිතා කරන්න. කාලයක් තිස්සේ කල අධ්යයනයන්ට අනුව ඔඩොක්කුවේ තබා ගෙන ලැප්ටොප් භාවිතය මගින් සැලකිය යුතු ලෙස පිරිමින්ගේ ශුක්‍රාණු ගණනය අඩු වන බව පෙන්වා දී ඇත. ඒ වගේම ගර්භනී කාන්තාවන්ටද මෙම විකිරණ නිරාවරණය වීම නොවිය යුතුය.
4. අනෙකුත් පරිගණක වලද, සාමාන්‍යයෙන් CPU එකට වඩා මොනිටරයෙන් විකිරණ විහිදෙයි. තවද, තිරයේ සිට EMF පරතරය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අඩි 3ක් වත් ඈතින් හිද ගත යුතු වේ. හැකි නම් විකිරණ ෆිල්ටර් එකක් තිරය සඳහා භාවිතා කරන්න.
5. නාසා ආයතනයේ සොයා ගැනීමකට අනුව පතොක් ශාකයට පුලුවන් EMF අවශෝෂණය කර ගැනීමට උදව් කිරීමට.මෙම ශාකය ඔබේ කාර්යාලයේ හෝ නිවසේ ඔබේ ලැප්ටොප් පරිගණකය අසල තබා ගන්න.
6. ස්වාභාවික පළිඟු ලුණු පහන් ද මෙවැනි සමීප ස්ථානයන් වල තබා ගැනීමෙන් පරිසරයේ ඇති EMF ඉවත් කරයි.
7. ඔබේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමේදි නිතර නිතර විරාමයක් ගන්න. එය ඔබට ඔබේ දෑස් වලට විවේකයක් ගැනීමට උපකාරී වනු ඇත.
8. පරිගණක වල විකිරණ මගින් නිදහස් මූල ගොඩක් ඇති කරයි. තක්කාලි චෙරි, ඇපල් , බ්‍රොකලි හා කැරට් වැනි විටමින් A හා C බහුල ප්‍රතිඔක්සිකාරක ආහාර පරිභෝජනය මගින් ඔබේ ශරීරය ස්වාභාවික ලෙස EMF වලින් ආරක්ෂා කරයි.
9. පරිගණකය භාවිතයෙන් පසු ඔබේ මුහුණ සෝදා ගැනීමෙන් විකිරණ අඩු කිරීමට උදව් වේ. පරිගණකයත් සමග ස්පර්ශ වන අපේ ශරීරයේ සමීපතම කොටසක් ලෙස, අපේ මුහුණු සහ අත් හැඳින්විය හැකියි. මේවා සේදීම මගින් විකිරණ අංශු ඉවත් කරයි.
10. රැහැන් ගත මවුසයක් හා යතුරු පුවරුවක් භාවිතා කරන්න. මෙහිදී ඔබ ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් සැලකිය යුතු ලෙස EMF නිරාවරණය අඩු කිරීමට උදව් වනු ඇත.
11. ඔබ ඔබේ පරිගණකය භුගත කර ඇත්නම් එය විකිරණ අඩු කිරීමට උපකාරී වේ. ඒ 3 පින් ප්ලග් දැනටමත් ඇත්තේ භූගතවයි. ඔබ 2 පින් ප්ලග් භාවිතා කරන්නේ නම් එය භූගත කිරීමට වග බලා ගන්න.
සෑම පරිගණකයකම හා ලැප්ටොප් පරිගණක වලද වෙළෙඳ නාමය හා මාදිලිය මත විහිදෙන විකිරණ ප්‍රමාණය වෙනස් වේ. මෙය ඔබට EMF මීටරයක් මගින් පරීක්ෂා කල හැකියි. මෙය ඔබට ගුවන් විදුලි සංඛ්යාත, චුම්බක වාර ගණන හා විද්යුත් ක්ෂේත්‍ර මත සම්පූර්ණ තොරතුරු ලබා දෙයි.
إرسال تعليق