උදරයේ වේදනාවට ස්වාභාවික පිළියම්


අප සියලු දෙනාම එක් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් උදරයේ වේදනාවට මුහුණ දී තිබෙනවා. ඊළඟ වතාවේදී ඔබට උදරයේ වේදනාව ඇති වූ විට මෙම නිවසේදීම පහසුවෙන් කල හැකි ප්‍රතිකර්ම අත් හදා බලන්න.  ඔසප් නිසා ඇති වන උදරයේ වේදනාවටද මෙම ස්වාභාවික ප්‍රතිකර්ම කල හැකියි.



1. මහදුරු


මහදුරු තේ ඔසප් වේදනාව  සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ඔබ ගර්භනි තත්වයේ හෝ  estrogenic බලපෑම් ඇති විය හැකි තත්වයේ නම් මහදුරු ගැනීමෙන් වළකින්න.



2. ඉඟුරු


සූරා ගත් ඉඟුරු තේ හැඳි 02 කකට වතුර කෝප්පයක් දමා මඳ ගින්නේ විනාඩි 10 ක් පමණ තම්බන්න. මෙම ඉමිහිරි උණුසුම්  පානය සීත දිනයන්හිදි ආහාර රුචිය  වඩවන්නට මෙන්ම අජිර්ණයටද යෝග්‍ය වේ.ඉඟුරු වල උදරයේ වේදනාව නැති කරන නිර්වේදනික හා ප්‍රති ගිනි  අවුලුවන ගුණ ඇත.



3. පෙපමින්ට්


 IBS (බඩවැලේ උද්දීපක තත්ව)  හි අධ්‍යයනයට අනුව වේදනාකාරී බඩේ  කැක්කුම, බඩ පිපීම ,හොඳින් මල පිට නොවීම ආදියට නිර්දේශිත බෙහෙත් වේලක් වන්නේ 0.2-0.4mL  පෙපමින්ට් කරලක් වේ. සුළු බඩේ අපහසුතා නැති කර ගැනීමට පෙපමින්ට්  තේ භාවිතා කරන්න.

 

 

 

 

 




මුලාශ්‍රය : 1. Mother Earth Living, July 2014 – August 2014


Post a Comment

أحدث أقدم