රූපලාවන්‍ය සඳහා ලෙමන් භාවිතා කල හැකි අවස්ථා 7 ක් මෙන්න !


ලෙමන් වල ඇති  රසය හා ගුණය නිසාවෙන්ම අපි  හැමෝම කැමතියි ලෙමන් යුෂ අපේ ආහාර වලට වැඩි වශයෙන් එක් කර ගැනීමට.  බොහෝ නිවෙස් වලදී මෙය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ලෙසත් එය භාවිතා  කරනවා. ලෙමන් සම සහ හිසකෙස් ආලෝකමත් කරයි. එහි ඇති  කහට රසය  ප්‍රබල විෂබීජ නාශකයකි. 



ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහා පහත සඳහන් අයුරින් ලෙමන් භාවිතා කර කල හැකි  ක්‍රම 7 පරීක්ෂා කරන්න :



1. තොල් වල තෙතමනය ආරක්ෂා කිරීම


බොහෝ නිෂ්පාදන උපයෝගී කොට ගෙන ඔබ ඔබේ වියළි තොල් වල තෙතමනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නට ඇති. ඔබේ තොල් වල තෙතමනය රඳා පවත්වා ගැනීමට ඔබ කල යුත්තේ  නිදා ගැනීමට පෙර ලෙමන් යුෂ ආලේප කිරීමයි. 



2. කිහිලි ප්‍රදේශයේ සම රැක ගැනීම


ලෙමන් ශරීරයේ අඳුරු පැල්ලම් ඉවත් කරන අතර  ඩියෝඩ්රන්ට් එකක් ලෙසද ක්‍රියා කරයි. මෙම පළතුරෙහි අඩංගු වන අමු ද්‍රව්‍ය මගින් හානි කරන බැක්ටීරියා හා දුර්ගන්ධය  සඳහා හේතු වන බැක්ටීරියා විනාශ කරයි. ලෙමන් යුෂ , මී පැණි සහ oatmeal (සුපිරිවෙළඳ සැල් වලින් මිලදී ගත හැකිය) එකට එකතු කරන්න.එය කිහිලි ප්‍රදේශයේ ආලේප කර එය පැයක් පමණ තිබෙන්නට හරින්න. 



3.  blackheads ඉවත් කරයි 


ලෙමන් සම පිරිසිදු කර විෂ ඉවත් කරයි. මෙය blackheads වලට එරෙහිව බලවත් ලෙස ක්‍රියා කරයි. ලෙමන් ගෙඩි භාගයකින් ඔබේ සම සම්භාහනය කර ගන්න.ලෙමන් යුෂ  විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.
ප්‍රතිකාර කල පසුව ඍජුව එන හිරු එළියෙන් ආරක්ෂා වීමට වග බලා ගන්න. මක් නිසාද යත් සම අඳුරු පැහැ ගැන්වෙන නිසාවෙනුයි. ලෙමන් වල ඇති විශබීජ විනාශ කරන ස්වරූපය හා කහට රසැති ගුණ නිසා සමේ වර්ණය වැඩි දියුණු කර අතිරික්ත තෙල් ඉවත් කරයි.



4. විශිෂ්ට සම රැකවරණය 


තෙල් සහිත සමක් හිමි වුවන් හට ලෙමන් අරුමපුදුම දේ කරයි. කපු පුළුන් කැබැල්ලක් ලෙමන් යුෂෙහි පොගවා ගෙන ඔබේ මුහුණේ ආලේප කරන්න. හිරු එළියෙන් වැළකීම සඳහා මෙය  රෑ ට  කරන්න. ලෙමන් වල ඇති කහට ගතිය නිසා ඔබේ සමේ වර්ණය වැඩි දියුණු කර අතිරික්ත තෙල් ගතිය ඉවත් කරනු ඇත.



5. නිය සුදු කර ශක්තිමත් කරයි


ලෙමන් ඔබේ නිය සඳහා පුදුම සහගත දේ කරයි. ලෙමන් යුෂ නිය ශක්තිමත් කරන අතර පැල්ලම් ඉවත් කරයි. ලෙමන් යුෂ ටිකකට ඔලිව් තෙල් මේස හැදි 2ක් එකතු කරන්න. මේ දියරය ඔබේ නිය වල ආලේප කරන්න.

6. ලප කැළැල් වර්ධනය වීම අඩු කරයි 


බලපෑම එල්ල වූ ප්‍රදේශය  මත ඍජුවම ලෙමන් යුෂ ආලේප කරන්න විනාඩි 15ක් එය තබා සෝදා හරින්න. මේ ආකාරයෙන් ඔබේ ලප කැළැල් අඩු වී යනතුරුම මෙය කරන්න. මෙම ප්‍රතිකාරයද රෑ ට කිරීමෙන් හිරුට ආවරණය වීමෙන් වන හානි වළක්වාලයි. 



7. හිසකෙස් බබළවයි


ඇත්ත වශයෙන්ම මෙය ලෙමන් වලින් වන වඩාත් පොදු රූපලාවණ්‍ය ප්‍රතිකාරයක්.විශේෂඥයන් විශ්වාස කරන අන්දමට ලෙමන් හිසකෙස්  සඳහා පුදුම සහගත ලෙස ක්‍රියා කරනවා. ඔබේ හිසකෙස් මත ලෙමන් යුෂ ගල්වා  ටික වේලාවක් හිරු එළිය වැටෙන සේ සිටින්න. ඔබේ හිසකෙස් ගොඩක් සැහැල්ලු හා බැබළෙනු ඇත. ප්‍රශස්ත ප්‍රතිඵල සඳහා , සතියකට වරක් ප්‍රතිකාර නැවත නැවත කරන්න.

 

 

 

 







මුලාශ්‍රය / යොමුව : : makeyourlifehealthier.com



Post a Comment

أحدث أقدم