ඔබට මකුළුවන් ඉවත් කර ගැනීමට අවශයද? හොඳයි, ඔබ පමණක් නොවේ !
මකුළුවන්ට ඇති බිය බොහෝ ජනතාවට පොදු දෙයක්. මෙය ඔබ අනුමාන කල පරිදි මෙය arachnophobia ලෙස හැඳින්වේ.
ඇත්ත වශයෙන්ම, සමහර වේලාවට කෘමීන් සමහරකගෙන් අපට හානිකර දෝෂයක් නෑ, නමුත් එයින් කියවෙන්නෙ නැ අප කිසිත් නොකල යුතුයි කියලා. අප බලන්නේ ස්වාභාවිකව අවට සිටින කෘමීන් තුරන් කිරීම සඳහා මාර්ග සොයාගැනීමට හා වෙළෙඳපොළේ තිබෙන විවිධ නිෂ්පාදන භාවිතා කර ඔවුන්ගෙන් මිදෙන්නටයි.
දැන්, අනෙකුත් ගැටලුව තමයි බොහෝ නිශ්පාදන වල ඇති රසායනික ද්‍රවය ඔබට හානිකර විය හැකි බැවින් කෘමීන් පලවා හැරීමට කාබනික ක්‍රම යොදා ගත හැකිය.එහි සුන්දරත්වය තමයි පරිසරයට හිතකාමී වීම හා එයින් ඔබට තර්ජනයක් එල්ල නොවීමයි. මෙම ලිපිය මගින් ස්වභාවික ක්‍රම කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නේ ඒ නිසයි.
1. පැඟිරි වර්ගයක්
ලෙමන් හා දොඩම් වගේ පලතුරක් හෝ දෙහි ස්වල්පයක් කෘමීන්, මකුළුවන් පලවා හැරීම සදහා හොඳම විසඳුම විය හැක.උදාහරණයක් ලෙස, ලෙමන් අඩංගු තෙල් භාවිතා කිරීම හෝ ලෙමන් හෝ දොඩම් පොතු ඒ අදාල මතුපිට හෝ ස්ථානයේ ඇතිල්ලීමෙන් මකුළුවන් ඒ තැන් වලින් සැඟවෙයි.
2 . දේවදාරු
මකුළුවන් හා කෘමීන් ආක්‍රමණය කරන්නේ බොහෝ විට අඳුරු ස්ථාන වලයි. මෙහි අතු හා ලී කැබලි අදාල ස්ථානවල තැබීම මකුළු උවදුර නැති කර ගැනීමට ඵලදායී ලෙස ක්‍රියත්මක කල හැකි විසඳුමකි !
3. සුදු විනාකිරි
මෙය නිවසේ වඩාත්ම වැදගත් සහ නිතරම භාවිතා වන දෙයකි. එය වටා බොහෝ භාවිතයන් පවතීන අතර එය ඩෙංගු මදුරුවන් හා කුහුඹුවන් පලවා හරින ඔබේ හොඳම මිතුරා විය හැක.විනාකිරි කොටසකට ජලය කොටසක් මිශ්‍ර කර ඉසින බෝතලයක් මාර්ගයෙන් පිරිසිදු නැවුම් සහ නිදහස් වටා පිටාවක් සදහා නිවස වටා ඉසින්න.
4. පෙපර්මින්ට් අඩංගු තෙල්
බොහෝ දෙනෙක් මින්ට් වලට ප්‍රිය කලාට මකුළුවන්ට අප්‍රිය දෙයක් තමයි මින්ට් කියන්නේ. සබන් මිශ්‍ර කල ජලයට මින්ට් සහිත තෙල් බිංදු කිහිපයක් දමා නිවස වටේටම ඉස ගන්න විශේෂයෙන් මකුළුවන් සැඟවී සිටින ස්ථාන වලට.
5. කජු වර්ග
මෙහි ඇති chestnuts සහ walnuts වල මකුළුවන් හා අනෙකුත් කෘමීන් පිළිකුල් කරන රසායනික අඩංගු වේ.මකුළුවන් නිතර ගැවසෙන ස්ථානවල මේවා තබන්න. ඉන්පසු ඔබට මකුළුවන් දකින්නට ලැබෙන එකක් නැහැ.
මෙම ස්වභාවික විසදුම් උත්සාහ කර බලන්න. එවා ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න. ඒ කෙසේ වුවත් , ඔබගේ නිවසේ මකුළුවන්ගෙන් නිදහස් කොට තබා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ හැකි තරම් පිරිසිදුව නිවෙස තබා ගැනීම බව මතක තබා ගන්න.වහල් මෙන්ම කැබිනට්ටු හා රාක්ක වලද මොවුන් සැඟවි සිටිය හැකිය. ඕනෑම මකුළු දෝෂයකින් මිදෙන්නට බැල්කනි වල ජනෙල් වීදුරු සහ දොරවල් පිරිසිදු කර ඕනෑම හිඩැස් ඇති තැන් බලා ඒවා වසා දමන්න. වෙනත් වචනවලින් කිවහොත්, පිරිසිදුකම ඔබව මකුළු දෝෂයන්ගෙන් නිදහස් කොට තබයි.
යොමුව:
http://www.healthyfoodhouse.com/6-things-youll-never-see-another-spider-kitchen-bathroom-bedroom/
http://www.planetnatural.com/get-rid-of-bugs/
http://www.prevention.com/health/healthy-living/how-to-kill-a-bug-in-12-ways
Egline J ගෙනි .
إرسال تعليق