කහ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන අදහා ගත නොහැකි ප්‍රතිලාභ මෙන්න!

කහ භාවිතා කිරීමෙන් ඔබට  ලැබෙන අදහා ගත නොහැකි ප්‍රතිලාභ මෙන්න! 





කහ එහි ඇති  ප්‍රති- ගිනි අවුලුවන (anti-inflammatory) ගුණ සඳහා ප්‍රසිද්ධයි.කහ නිතර නිතර චීන සහ ඉන්දියානු වෙදකම් සඳහා භාවිතා කර ඇති අතර කුළු බඩු අතරද  ඉතාමත් බලවත්  ලෙස හැඳින්වේ.
එය බොහෝවිට විවිධ රෝග සඳහා භාවිතා කර තිබෙනවා. මේ අතුරින් ලේ මුත්‍රා යාම, බඩේ වාතය පිරීම, බඩේ කොරය,රක්තපාතය,සමේ තුවාල  ඔසප් දුෂ්කරතා, දත් කැක්කුම, සෙංගමාලය, පපුවේ වේදනාව යනාදී වේ.

මෙම ශක්ති සම්පන්න කහ බඩවැල් වල ගිනි අවුලුවන තුවාල (IBS) හා මහ බඩවැල ඉදීමීම සුව කිරීම සඳහා යොදා ගන්නවා.තවද  ආතරයිටිස් සහ වෙනත් රෝග සඳහාත්  ප්‍රතිකාර කිරීමට මෙය ප්‍රයෝජනවත් විය හැක.
මීට අමතරව, කහ කොලෙස්ටරෝල්, ඇල්සයිමර් රෝග, අක්මා රෝග අවම කිරීම සඳහා භාවිතා කරන අතර, හෘද රෝග සහ ආඝාතය වැළඳීමේ අවදානමද  අඩු කරයි .


තවද, කහ වලින් පිළිකා වැළැක්වීම හා පිළිකා වර්ධනය නතර කිරීමද කළ හැකිය.


මෙහිදී ඔබට වැදගත් වන කහ වලින් ලැබෙන වෙනත් ප්‍රයෝජනද දක්වා ඇත.


1. දීර්ඝායුෂ (Longevity) සඳහා තේ -  කහ තේ හා මී පැණි හෝ ඉඟුරු මිශ්‍ර කොට මිශ්‍රණයක් හදා ගන්න. මෙය බොහෝ දැවිල්ල ආශ්‍රිත රෝග හා වෙනත් සෞඛය තත්ත්වයන් සඳහා ඵලදායී බීමකි.

2. දීප්තිමත් සමකට  - කහ  තේ හැඳි 1/3, ගසා ගත් සුදු මද 1 ක් , ලෙමන් යුෂ තේ හැඳි ½ ක මිශ්‍රණයක් සදා මුහුණ මත ආලේප කොට විනාඩි 20 ක් තබා ගන්න.

3. සුළු තුවාල වලට විෂබීජ නාශකයකි - ඔබ ඔබේ තුවාල පිරිසිදු කරන විට  වෙළුම් පටියකින් ආවරණය කිරීමට පෙර එය මත  කහ ටිකක් දමන්න.

4.අව්වෙන් පිළිස්සීමට සහනය  - පිළිස්සුනු සම සුව කිරීම සඳහා කහ සහ කෝමාරිකා මිශ්‍ර කරගන්න.

5. වේදනාව නැති කරන ස්වභාවික ඔසුවකි.

6. පිසීමට.

7. හිස්සොරි නැසීමේ ගුණ  - කහ, පොල් තෙල් සමඟ මිශ්‍ර කර ඔබේ හිස්කබල හොඳින්  සම්බාහනය කර  විනාඩි 15 ක්  තබා ගන්න.

8. දත්  සුදු කරයි - කහ, බේකින් සෝඩා මේස හැඳි 2ක් සහ පොල් තෙල් මේස හැඳි 3ක් සමඟ මිශ්‍ර කර දත් සුදු කර ගන්න.

9. සන්ධි වේදනාව -  කහ සහ හිමාලයානු ලුණු  2:1 අනුපාතයට ජලයට  එකතු කරන්න. වේදනාව ඇති තැන්හි ගා විනාඩි 20 ක් තබා ගන්න.

10. අම්ලපිත්තය - මෙම අජීර්ණ සුව කිරීම සඳහා ඔබ උණු ජලය කෝප්ප 4 කට කහ තේ හැන්දක් එකතු කර තේකක් හදා ගන්න.

11. දරුවන් සඳහා ගෙදර හැදූ පොටි වර්ණක - ලුණු, තෙල් , පිටි, ජලය,cream of tartar එකට එකතු කර රතු කර ගැනීම සඳහා බීට් ද කහ කර ගැනීම සඳහා කහද යොදා ගන්න.

12. Foundation එකක් ලෙස  - ඔබේ මොයිස්චරයිසර් එකට කහ ටිකක් එකතු කර වර්ණවත් කර ගන්න. එය ඔබේ සමේ වර්ණයට ගැලපේවි.

13. කෑම වලට එකතු කරන්න - මෙම කුළුබඩුව ඔබේ ආහාර වේලට විශේෂයෙන් ව්‍යංජන වලට හොද පැහැයක් ලබා දෙයි. මෙය පොරි හා බිත්තර රසවත් කරනවා. ඔබ කැමති සෑම තෑන්හීදිම  හුදෙක් එය එකතු කරන්න පුළුවන්!

14. කුරුලෑ හා අඳුරු පැල්ලම් සඳහා -වතුර තේ හැන්දක්, කහ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කිරීමෙන් ස්වාභාවික ආලේපනයක් හදා ගන්න.මෙය මුහුණ මත ආලේප කරන්න.විනාඩි 3 ක් මුහුණ මත තබා සෝදා ගන්න.

15. ගෙදර හැදූ වර්ණක සබන් - කහ සම සඳහා විශාල මෙහෙයක් කරන  අතර, එය  සම වර්ණ ගන්වයි.

16.බඩේ අමාරුව අඩු කරයි - කහ සැලකිය යුතු ලෙස බඩේ අමාරු සමනය කරයි.

17. බේක් කිරීමට පෙර ආහාර වර්ණ ගන්වා ගත හැක.




Post a Comment

أحدث أقدم