No Unicode? can't read click here
විනාකිරි සෞඛ්‍ය සදහා හොඳ බව වාර්තා වී ඇත .
වෛද්‍ය සඟරා හා සෞඛ්‍ය සඟරා මිනිසුන්ට පෙන්වා දී තිබෙනවා විවිධ විනාකිරි වර්ග වල ඇති උසස් බලය පිළිබඳව. මේ ප්‍රතිලාභ ලබා ගත හැකි විනාකිරි වර්ග නම්, ඇපල් සයිඩර් විනාකිරි ( ACV ) , පිරිසිදු කිරීමේ බලය ඇති සුදු වයින් විනාකිරි ( WWV ) සහ කොලෙස්ටරෝල් - තුලනය කරන Balsamic විනාකිරි (BV) වේ.
බොහෝ වර්ග වල විනාකිරි වලින් රෝග ගණනාවක් සුව කල හැකිය. එහි ඇති ස්වභාවික දිලීර නාශක සහ අපද්‍රව්‍ය නැසීමේ ගුණයන්ට ස්තුතිවන්ත වෙන්න, එය ඇත්තෙන්ම සුළු සෞඛය ගැටළු තුරන් කිරීමට උදව් කරනවා මෙන්ම දිගින් දිගටම සෞඛය සම්පන්න දිවියක් සදහා සහාය වෙනවා. තව ද වෙනත් කෘතිම ගෘහස්ත පිරිසිදුකාරක වෙනුවට ආරක්ෂිත සහ ස්වභාවික විකල්පයක් ලෙසද ගත හැකිය.ඔබ දිනකට විනාකිරි තේ හැන්දක් පරිභෝජනය කල යුත්තේ ඇයි යන්න ගැන තව තවත් ඒත්තු ගන්වන්නටත් උදව් කිරීමටත්,මෙහි අමු විනාකිරි පමණක් පානය කිරීමේ ප්‍රතිලාභ කිහිපයක් වේ:
1. සිරුරේ බර අඩු කිරීමට : ACV (ඇපල් සයිඩර් විනාකිරි )
ඇපල් සයිඩර් විනාකිරි දීර්ඝ කාලයක් පුරා පරිභෝජනය විශේෂයෙන් ස්වාභාවිකව බර අඩු කරයි.කාමර උෂ්ණත්වයේ දී ජලය වීදුරුවකට මෙය ( ACV ) තේ හැන්දක් එකතු කර ගන්න. ඔබ ඔබේ දවස ආරම්භ කිරීමට පෙර එම මිශ්‍රණය සාදා සෑම උදෑසනකම බොන්න.
2. රුධිරයේ සීනි මට්ටම සහ ආහාර රුචිය පාලනය කරයි : WWV (සුදු වයින් විනාකිරි )
සායනික පෝෂණය පිළිබඳ යුරෝපීය ජර්නලය පල කල ඇති අන්දමට සුදු වයින් විනාකිරි ආහාර වල ග්ලයිසමික් (glycemic) දර්ශකය අඩු කරන බව සොයා ගෙන ඇත. මෙය විශේෂයෙන් ඵලදායී වනුයේ එය ආහාර වේල් සමඟ එක්කර පරිභෝජනය කරන විට බව හෙළි වි ඇත. එය, රුධිරයේ සීනි මට්ටම පාලනයෙන් දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් සංවේදිතාව අඩු කරන අතර ආහාර රුචිය පාලනය කිරීමටද උපකාරී වේ. තව ද, එමගින් ආහාර වට්ටෝරු ගණනාවක් රස ගැන්විය හැකිය.
3. කොලොස්ටරෝල් මට්ටම ස්ථාවර කරයි : BV (Balsamic විනාකිරි )
Nutritional Science and Vitaminology ජර්නලයයේ අධ්‍යයනයක දී, Balsamic විනාකිරි වල polyphenols ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම polyphenols මගින් Balsamic විනාකිරි වලට එහි ඇති LDL කොලෙස්ටරෝල් (හොඳ නැති කොලොස්ටරෝල්) ඔක්සිකරණයට ඉඩ හැකියාව ලබා දේ. එහිදී ලෙඩ රෝග සඳහා නායකත්වය සහ වයසට යන ලකුණු වේගවත් කිරිම් වැනි ඔබට කවරදාකවත් අවශ්‍ය නොවන හානි වලින් ඔබව ආරක්ෂා කරයි.
4. ඔබේ අභ්‍යන්තර pH අගය පාලනය කරයි: ACV (ඇපල් සයිඩර් විනාකිරි )
ඔබේ ශරීරයේ pH අගය පාලනය අතිශයින් වැදගත් වන අතර, එය වැඩි වැඩියෙන් සඟරා හා අධ්යයන් වල පෙන්වා දී ඇත. බොහෝ අය හඳුනාගෙන තිබෙනවා තමන් අඩු pH අගයක් සහිත බව හෝ ප්‍රබල ආම්ලික මට්ටමක් ඇති බව.මෙමගින් ආසාදන අවස්ථාවන් වැඩිකර මහන්සිය ඇති කළ හැකියි. දිනපතා ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් පානය කිරීමෙන්(සාමානය වතුර වීදුරුවකට මිශ්‍ර කර ) ඔබට පුලුවන් ඔබේ ශරීරය තුල සෞඛ්ය සම්පන්න pH අගය නැවත ස්ථාපිත කර රෝග හා ආසාදන වළක්වා වඩාත් ශක්තිමත් බවට පත් වෙන්නට.
5. පටකවල අසාමාන්‍ය වැඩීම් (ඉදිමුම් ) වැළැක්වීමට : WWV (සුදු වයින් විනාකිරි )
සුදු වයින් විනාකිරි ඉදිමුම් ගොඩනැගීම වැළැක්වීම සඳහා සහය වන බව 2006 දී කරන ලද අධ්යනයක් මගින් අනාවරණය වී ඇත. WWV අනෙකුත් දේට වඩා ප්‍රථමයෙන් ඇතැම් පිළිකා වැඩීම මන්දගාමි කරවන බව පරීක්ෂණයකින් හෙළි වී ඇත. මෙයි බොහෝ දුරට polyphenols අන්තර්ගත නිසා නිදහස් අන්තගාමී සෛල (radical cells) උදාසීන කරවනවා.හානියට වඩා හොඳ දේවල් කරන්න, ඔබේ දෛනික ආහාර වේලට හා දෛනිකව සමහර විනාකිරි යොදා ගැනීමට උත්සාහ කරන්න.
H/T: http://www.thealternativedaily.com
Charlotte H ගෙනි.
إرسال تعليق