ජලය නැවත නැවතත් උණු කිරිම ( Reboiling )ඔබේ සෞඛයට භයානකයි: ඇයි ඔබ කවදාවත් එය නොකල යුත්තේ?

ජලය නැවත නැවතත් උණු කිරිම (reboiling) ඔබේ සෞඛය සඳහා නරක බව ඔබ දැන සිටියාද?

ඇත්තටම ජලය නැවත නැවතත් උණු කිරිම ' Reboiling ' යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?එය ඉතා සරලයි.ඔබ ජලය වරක් උණු කරගෙන නැවත වරක් එය උණු කිරිමට යන විට  (Reboiling), එය සිසිල් වී පසුව එය නැවත උණු වෙනවා.අපි හැමෝම කල්පනා නොකර බොහෝ විට මේ වරද සිදු කරනවා. මෙයින් භයානක ශබ්දයක් පිට නොවුනත් එය වෙන්නේ කෙසේද? කෙසේ වෙතත්, සමහර විදයාඥයන් ජලය නැවත උණු කිරිම (reboiling) ඔබේ සෞඛය සඳහා ඇදහිය නොහැකි තරම් නරක බව විශ්වාස කරනවා. නමුත් ඇයි?


ඔබ වතුර උනු වු පසුව අමතක වි එය කේතලයට දානවා. උණු වුන වතුර ටික එහෙම්මම සිසිල් වෙනවා. ඒ වතුර ටිකම අපි නැවතත් උණු කරනවා.අපි වතුර උනු කරන විට, එහි රසායනික තත්වය වෙනස් වෙනවා. මෙය උණු වන විට වාෂ්පශිලි සංයෝග හා වායු ප්‍රමාණයන් විනාශ විම සාමානයයෙන් හොඳ දෙයක් වන අතර ඔබ හොඳින් පිරිසිදු කල ආසත (deionized) ජලය තිබේ නම්, ඔබ නැවත වරක් එය උණු කලාට කිසිවක් සිදු වන්නේ නෑ. නමුත් සාමානය නළ ජලයේ එකිනෙකට වෙනස් ද්‍රව්‍යයයන් ගොඩක් අඩංගු වෙනවා.අපි වරකට වඩා එය නැවත නැවත  කරන විට, එය තුළ රසායනික සංයෝග වෙනස් වන්නෙ හොඳට නොව  නරකටය.ඒ නිසා, ඔබ ඇත්තටම එයින් අත්වන බොහෝ හානිකර රසායන කෙරෙහි අවධානය යොමු කල යුතුයි. ඔබ බොහෝ වේලාවක් ජලය උනු කරයි හෝ නැවත නැවතත් උණු කරයි (reboil) නම්, ඔබෙ අවධානය විශේෂයෙන් නළ ජලයේ ඇති අනවශය රසායනික ද්‍රව්‍යය කෙරෙහි යොමු කල යුතුයි.

උදාහරණ ලෙස ජලයෙහි අඩංගු වැඩි සැලකිල්ලක් දෑක්විය යුතු රසායනික ද්‍රව්‍යය වන්නේ:- නයිට්රේට් , ආසනික් , සහ ෆ්ලෝරයිඩ් ය.

ආසනික්

පානීය ජලයේ පවතින ආසනික් මහජන සෞඛයට දැවැන්තම තර්ජනය මතු කරන බව "ලෝක සෞඛ්ය සංවිධානය" (WHO) පවසයි.අනෙක් අතට, ආසනික් විෂ සහිත විය හැකිය.මෙය වසර ගණනාවක් පුරා නිරාවරණය වන මට්ටම මත භෞතික බලපෑම් සෙමින් වර්ධනය වි ඇත. ආසනික් වල විෂ අනතුරු නිසා පර්යන්ත ස්නායුව්‍යථය, ඉතා සුලු රෝග ලක්ෂණ, සම මත තුවාල ඇති විම, දියවැඩියාව, වකුගඩු පද්ධති බලපෑම් , හෘද රෝග, සහ පිළිකා පවා සෑදිය හැකිය.


නයිට්රේට්

නයිට්රේට ස්වභාවිකව අප අවටින්ම සොයා ගත හැක. ඒ පස, ජලය හා වාතයෙන්ය.කෙසේ වෙතත් මෙම විෂ රසායන ද්‍රවය ඔබ අහාර සංරක්ෂණය ලෙස භාවිතා කරන විට හෝ අධික තාපය නිරාවරණය වූ විට හානිකර බවට පත් වෙනවා  - හරියට උණු ජලය  වගේ . මෙම නයිට්රේට් ඉහළ උෂ්ණත්වයේ නිරාවරණය වූ විට, පිළිකාකාරක බවට පත් වී  ලියුකේමියාව , non-Hodkin lymphoma , පිළිකා, ( බඩවැලේ , මුත්‍රාශයේ  , ඩිම්බකෝෂ , ආමාශය, අග්න්යාශයේ , සහ esophageal පිළිකා ආදී ) ලෙස බොහෝ රෝග සෑදිය හැකිය.

ෆ්ලෝරයිඩ්

ෆ්ලෝරයිඩ් පිළිබදව ලොව පුරා බොහෝ විදයාඥයන් විසින් අධයයනය කර ඇත. ගලායන නළ ජලය නිසා වර්තමානයේ ඔබේ සෞඛයට  බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන් ගොඩක් විශ්වාස කරනවා. කෙසේ වෙතත්, ෆ්ලෝරයිඩ් වල භයානක ප්‍රතිඵල පිළිබඳ ව සාක්ෂි තිබියදීත් , තවමත් අපගේ ජලයේ එය දක්නට ලැබෙනවා.හාවඩ් විශ්ව විදයාලයේ වසර 22 ක් තුළ සිදු කරනු ඇති බව කියන අධ්යයන 27 ක දත්ත ගෙන දරුවන් තුළ ස්නායු හා සංජානනයට අදාල කාර්යය සඳහා ෆ්ලෝරයිඩ් නිරාවරණයට සම්බන්ධ ප්‍රතිඵල පරිසර සෞඛය විද්‍යා සඟරාවේ පළ කර ඇත. එහි අවසන් නිගමනය වන්නේ ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කල දරුවන්ගේ IQ ලකුණු අගය පහළ මට්ටමක පවතින බවයි.


තව ද, නළ ජලය  රත් කරන විට එහි ඇති සෑම දේම ඉතා පහසුවෙන් වාෂ්ප නොවේ. (වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය වේ)කොතරම් දිගු කාලයක් ඔබ එය රත් කලත් එහි ඇති ද්‍රව්‍ය දිය නොවේ. ඔබ වැඩි වෙලාවක් ජලය උණු කරන විට මෙහි ඇති ලවණ හා අපද්‍රව්‍ය එක්තැන් කරනු ලබනවා.නළ ජලයෙ ඇත්තේ කුමක්ද යන්න කා හටත් නිශ්චිතවම කිව නොහැක.  ඒ නිසා, නැවත නැවතත් ඔබේ කේතලය උණු කරවිම එතරම් හොද අදහසක් නොවේ.

මීට අමතරව, ඔබ තේ වලට රුචිකත්වයක් දක්වන්නෙක් නම්,නැවත නැවත ජලය උණු කිරිම එහි රසයට බලපානු ඇත! එහි ඇති බලපෑම නම් , එහි රසය හා වර්ණය රඳා පවතින්නේ තේ වල ඇති ප්‍රධාන සංරචක දෙක වන polyphenols and caffeine අතර ඇති අන්තර් ක්‍රියාව නිසයි.  එක් එක් සංරචකයේ කහට රස එවාට අවේනික වේ. නමුත් සම්මිශ්‍රයක් ලෙස ගතහොත් කහට රසය අඩුය. ජලයේ ආම්ලිකතාවය අයනීකරණය තුල තීරනාත්මක භූමිකාවක් ගනි.තේ වල ඇති polyphenols ඉහත සංකීර්ණ ස්ථාවරත්වයට දායක වේ.ඒ නිසා , දෙවරක් නිවාගත් ජලයෙන් තේ සෑදු විට  පහසුවෙන් එහි රස නැති විය හැකියි.





යොමුව :-

http://chemistry.about.com/od/waterchemistry/f/Is-It-Safe-To-Reboil-Water.htm
http://www.healthy-holistic-living.com/reboiled-water-causes-cancer.html?t=HHL
https://www.quora.com/Why-should-water-for-tea-only-be-boiled-once

AnastasiaT ගෙනි.

Post a Comment

أحدث أقدم