උදෑසන අවදි වී පැයක් තුළ ඔබේ උදේ ආහාරය අනුභවය හේතු ගණනාවක් නිසා ඉතාමත් වැදගත් වේ.
ඔබේ දෛනික වැඩ කටයුතු වලදි ඇයි ඔබ ඔබේ උදෑසන ආහාරය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ මෙයට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. ඔබ අවදි වු පසු බඩගිනි නොදැනේ නම් හෝ එම කටයුතු සඳහා වෙහෙසීමට ඔබ අකමැති වුවහොත් ඔබගේ ශරීරයට නිසි වෙලාවට ආහාර නොලැබි යනවා. කෙසේ වෙතත්, ඔබ අවදි පසු පළමු පැය තුළ උදේ කෑම කනවා නම්, ඇත්තටම ඔබේ සෞඛය ඔබේ ජීවන රටාව සහ ඔබේ මුළු දවසම දියුණු කර ගත හැකිය . මෙන්න ඒ නිසයි :
එය, ඔබගේ සිරුරේ බර අඩු කර සැහැල්ලු කරනවා මෙන්ම මොළයේ ක්‍රියකාරිත්වයට අවශ්‍ය ජවය ලබා දෙනවා
අවදි වී පැයක් තුළ උදෑසන ආහාරය ගැනිමෙන් ඔබගේ රුධිරයේ සීනි සහ ඉන්සියුලින් මට්ටම් පාලනය කර වේගයෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියා ආරම්භ කර ඔබේ සිරුරට සාමානය බරක් ලබා දෙයි. තවද, ඔබ බර අඩු කර ගැනිමට හෝ ඔබේ අඩු බර පවත්වා ගැනීමට බලාපොරොත්තු වේ නම්,හෝ ඔබ අවදි වු පසු පැය ½ ක් ඇතුලත උදෑසන ආහාරය අනුභව පිළිවෙත අනුගමනය කිරීම හොඳ අදහසක්. ඒ විතරක් නොවෙයි මෙම නියාමන මට්ටම් දවස පුරා ජවයකින් ඔබව තබා ගනි.
නින්දේ දී , ඔබේ පරිවෘත්තීය ක්‍රියා මන්දගාමී වන අතර, එය යළි යථා තත්වයට පත් කල හැක්කේ ආහාර ගැනිමෙන් පමණකි. ඔබ ආහාර ගන්නා විට පළමු දෙය thermogenesis (ඔබේ ශරීර ක්‍රියාවලිය හා ආහාර දිරවිමේ ක්‍රියාව) අනුභව කළ විට ආරම්භ වන අතර මෙම මුල් ආහාර වේල මගින් එය දවස පුරා ස්ථාවරව තබා ගනි.
ඔබ අවදි වී පැයක් ඇතුළත ආහාර ගත් විට ඔබේ මානසික තත්වය හා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වනු ඇත.ඔබේ දවස ආරම්භයේ දී ඔබේ මතක හැකියාව පැහැදිලි හා ඥානාන්තමකව බව වැඩි දියුණු කරයි.මෙම ආහාර මගින් ඉතා සරළව මොළය පෝෂණය කරනවා. ආහාර ඔබේ ශරීරය සඳහා ඉන්ධන ලෙස ක්‍රියා කරනවා එය නොමැතිව ඔබට දවස පටන් ගත නොහැකියි.ඔබේ මෝටර් රථය ඉන්ධන පිරවීමකින් තොරව ධාවනය කල නොහැකියි වගේ එහෙම නේද?
ඔබ එක දිගටම වෙලාවට ආහාර නොගන්නවා නම් (පැයක කාලයක් ඇතුළත)සෞඛයයට අහිතකර ආහාර අනුභවයෙන් ඔබ දවස පුරාම බඩගින්නෙන් සිටිනු ඇත.
ඔබ උදේ ආහාරය මග හැර හෝ උදේ ආහාරය ප්‍රමාද වී ගත හොත් දිවා ආහාරය ගන්නා තුරු ඔබ සෞඛයයට අහිතකර අතුරු ආහාරයක් ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා ඔබ වඩාත් බඩගිනි තත්වයට පත් විමට කලින් උදෑසන ආහාර නියමිත වෙලාවට ගෙන ඔබේ ඉන්සියුලින් මට්ටම පාලනය කර ගන්න.
සෑම දිනකම ඔබ අවදි වී පළමු පැය ඇතුළත දෛනිකව උදෑසන ආහාරය ගැනීමට වග බලා ගන්න. ඔබ දෛනිකව මෙය ප්‍රායෝගිකව කරන්නේ නම් දිනය පූරා මෙහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනිමට හා මුළු සතියම විනෝදවත්ව ගත කිරීමටත් ඔබට පුලුවන්ය.
Charlotte H ගෙනි .
إرسال تعليق