එදිනෙදා ජිවිතයේදි ගෘහණියක් විසින් දැන ගත යුතු වැදගත් කරුණු වලින් 10 ක් මෙන්න.


  1. මාලු බදින විට කහ කුඩු ටිකක් දැමීමෙන් තැටියේ ඇලීම නවතයි.

  2. බත ඉදී ගෙන එන විට ලුණු බිංදුවක් හා රම්පා කොළයක් දෑමුවොත් නැවුම් බවක් වගේම හොඳ සුවඳකුත් දෑනේවි.

  3. පලා වර්ග අධික ලෙස සිහින්ව කපන්න එපා, ගුණාත්මක බව අඩු වේවි.

  4. කෙසෙල් ගෙඩි වල නැවුම් බව රඳවා ගැනීමට පත්තර වලින් ඔතා අධි ශීතකරණයේ තබන්න.

  5. රාබු පිසීමට පෙර කපා ලුණු දියේ තබා පසුව සෝදා මිරිකා ගන්න.

  6. සුදු ලුණු වල පොතු නොගැලවේ නම් පොල්තෙල් ටිකක් අත ගා අව්වේ තබන්න.

  7. පොල් බෑය මත ලුණු වතුර තවරා තැබිමෙන් නරක් නොවී පසු දින භාවිතා කල හැකිය.

  8. බටර් කල් තබා ගැනිමට එය දමන වතුර බඳුනට ලුණු ටිකක් දමා තබන්න.

  9. මාලු සෝදන විට දෙහි ටිකක් මිරිකා අත ගා සේදිමෙන් පිළීගඳ නැතිවෙයි.

  10. දෙහි ගෙඩි කැපිමට පෙර උණු වතුර බදුනක තබා තිබිමෙන් මිරීකිමට පහසු වෙයි.


Post a Comment

أحدث أقدم