ඔබේ ඇස් යට කලු වීම අදහාගත නොහැකි ලෙස වළක්වා දෙන නියම ප්‍රතිකර්ම රැසක් මෙන්න!


මොන මේකප් එක දැම්මත් හංගන්න බැරි ඇස් වටා අඳුරු කව ඔබටත් ඇති. ඔබ ඔබේ ඇස් වටා ගල්වන kajal නිසි පරිදි ඉවත් කර නොතිබුනහොත් ,ඔබට දීර්ඝ වශයෙන් නින්ද අහිමි වුවහොත්, පරිඝණකය ඉදිරිපිට නිතර ගැවසීමෙන් ඔබගේ ඇස්වටා අඳුරු කව හා ඉදිමුම් ස්වභාවය නිතර දැකිය හැකි වනවා.

සාමානයයෙන් ඇස් යට අඳුරු කව ඇති වීමට බලපාන තවත් හේතු ගණනාවක් තිබෙනවා. දුප්පත් කෑම රටාවක් ඇතුළත් වී තිබෙන සෞඛ්යයට අහිතකර ජීවන රටාවන් හේතු කොට ගෙන හා අධික මානසික ආතතිය වැනි කාරණා මෙයට මුල් වෙනවා. ඉන් මිදීමට ඔබ මුලින්ම කල යුත්තේ සිරුරට අවශය නින්ද පැය 7-8 ක් පමණ නිදා ගැනීම, ව්යායාම් කිරීම , සම්පූර්ණ ආහාර වේල් ලබා ගැනීම හා දියර වර්ග වැඩිපුර පානය, ඕනෑවට වඩා මානසික ආතතිය වළක්වා ගැනීම යනාදියයි. වඩාත් වැදගත්ම දෙය තමයි දුම් පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකී සිටීම.  මුළුතැන් ගෙයින් ලබා ගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන මේ සඳහා අපට ප්‍රතිකාර කර ගත හැකියි. 



1. පිපිඤ්ඤා හා අර්තාපල් පැක් එක


බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පිපිඤ්ඤා යුෂ මිරීකා  පෙනෙරයක් මගින් පෙරා ගන්න. අර්තාපල් අලයෙත් එසේම කරන්න. යුෂ පෙරා ගත් පසු  විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව පුළුන් කැබැල්ලක් ගෙන යුෂ පොගවා අදුරු පැහැ ගැන් වුනු ප්‍රදේශයෙන් තබා ගන්න.  



විනාඩි 15ක් - 20 ක් පමණ මෙය තිබෙන්නට හරින්න. මෙය මෘදු ලෙස සෝදා ඉවත් කරන්න. සති දෙකක් දිනපතා මෙය සිදු කර මෙහි වෙනස අත්විඳින්න.අර්තාපල් වල අඩං ගු එනසයිම, පිෂ්ඨය හා විටමින් c  මගින් ඇස් වටා අඳුරු සම ඉවත් කර ආලෝකමත් කරයි. පිපිඥ්ඥා ඇස් වලට අවශ්‍ය සිසිලස ලබා දෙයි. තවද අර්තාපල් ඇස් වටා ඇති රුධිර නාල වල ඉදිමුම සහිත  දැවිල්ල නැති කර අවපැහැ ගැන්වීම් නැති කරයි.






 2. තක්කාලි , ලෙමන් යුෂ, කඩලපිටි  හා කහ පැක් එක 


තක්කාලි කුඩාවට කපා පෙනෙරයකින් පෙරා ගන්න. මිරිකා ගත් යුෂ වලට ලෙමන් යුෂ තේ හැඳි 1/2 ක් , කහ කුඩු ටිකක් , කඩල පිටි  තේ හැදි 02 ක් දමා හොදින්  කලවම් කර ගන්න.  

 


පසුව ඔබේ ඇස් වටා අවපැහැ ගැන්වුනු ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 2ක් පමණ තිබෙන්නට හරින්න.සීතල වතුරෙන් මෘදු ලෙස සෝදා ඉවත් කරන්න. සතිදෙකක් දිනපතා මෙය සිදු කර ඔබේ අවපැහැ ගැන්වුනු  සම ස්වාභාවිකව සදහටම  ඉවත් කර ගන්න.තක්කාලි වල ඇති පිරිසිදු කිරීමේ ගුණය මමගින් ඇස් වටා ඇති අවපැහැ ගැන්විම් වගේම ඉදිමුම් ස්වාභාවය නැති කරයි. කඩලපිටි හා ලෙමන් යුෂ මගින් සම පෝෂණය කර රැලි වැටීම අවම කරයි. 

 

 




 3. මින්ට් හා ලෙමන් පැක් එක


 මින්ට් කොළ හොදින් කොටා ගෙනභාජනයකට දමා ගන්න. මෙයට ලෙමන් ගෙඩි බාගයක යුෂ මිරීකා ගන්න. හොදින් කලවම් කර ගන්න. ඔබගේ ඇස් වටාමෙආලේප කර ගන්න. විනාඩි 15ක් තිබෙන්නට හැර සීතල වතුරෙන් මිශ්‍ර කර ගන්න. 

 


 ඔබේ ඇස් වටා ප්‍රදේශයට ක්ෂණිකව නැවුම් බවක් දැනෙනු ඇත. ඇස් වටා ඇති අඳුරු පැහැය නැත්තටම නැති කරගැනීමට මෙය සති දෙකක් දිනපතා සිදු කරන්න. මින්ට් වල ඇති මෙන්තෝල් මගින්ඇස් වටා රුධිර සංසරණය වැඩි දියුණු කරයි.  එහි ඇති  විෂබීජ නාශක ගුණ වලින් ඇස් වටා  සමට  හානි කරන විෂ හා  සටන් කරයි. මෙහි ඇති විටමින් සී මගින් සමේ  නම්යතාවය ප්‍රවර්ධනය කරන අතර ලෙමන් යුෂ ඇස වටා ඇති අඳුරු වර්ණ නැති කර  සමේ රැලි වැටීම් නවතා දමයි. 











Post a Comment

أحدث أقدم