අලුත උපන් බිළිදාට උපත ලද මොහොතේ පටන් ලබා දිය යුතු එන්නත් ගැන දැන ගන්න!

අලුත උපන් දරුවෙකුට උපත ලද මොහොතේ පටන් දිය යුතු එන්නත් වර්ග තියනවා.මේවා නියතවශයෙන්ම දරුවාට ලබා දිය යුතුයි.මෙයින් බලා පොරොත්තු වන්නේ දරුවාට ඉදිරියට වැළදිය හැකි රෝග වලට පිළියමක් ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දීමයි. 

දරුවාගෙ නිරෝගි බව මවකට ලැබිය හැකි උතුම්ම සතුටයි. මේ නිසාවෙන්ම ඉතාසැලකිලිමත්ව නියමිත කාලයට එම එන්නත් ලබා දීමට මව කටයුතු කල යුතු වෙනවා.මේ අතරින් ප්‍රධාන වන්නේ බී.සී.ජී ,ත්‍රිත්ව,  මුඛ පෝලියෝ, සරම්ප, සරම්ප රුබෙල්ලා M R ,පිටගැස්ම ආදී එන්නත් වේ. 


බී.සී.ජී එන්නත 

දරුවා ඉපදී මුල් පැයි 24 තුල මේ එන්නත ලබා දෙනවා. මුල් කාලයේ මේ එන්නත මුඛ මාර්ගයෙන් ලබා දුන්නත්  මේ වන විට මෙය එන්නතක් විදියට ලබා දෙනවා. මෙය ලබා දෙන්නේ ක්ෂය රෝගයටයි.

 මෙම ප්‍රතිශක්තිකරණ එන්නතේ ක්‍රියාකාරිත්වය අවුරුදු 10-15 ක් අතර සිරුරට බලපානවා. දරුවා ඉපදී මුල් පැය 24 තුල මෙය ලබා දීමට නොහැකි වුවහොත් දරුවා ඉපදී මාසයක් තුල මෙය ලබා දිය යුතුයි. මෙය ලබා දුන් පසු එම ස්ථානයේ කුඩා තුවාලයක් දැකිය හැකියි.

 


ත්‍රිත්ව එන්නත

මෙම එන්නත දරුවාව රෝග 3කින් ආරක්ෂාකර දෙනවා. එනම් කක්කල් කැස්ස, ගලපටලය,පිටගැස්ම යන රෝගයි.

කක්කල් කැස්ස මගින් හුස්ම ගැනීම ප්‍රබල ලෙස අපහසු කරනවා. මෙය වැඩි වූ විට පෙණහලු වලට අවශ්‍ය වන වාතය නොලැබී යනවා. මේ නිසා පෙණහලු හැකිලී මරණයට පත් වෙනවා.

ගලපටලය මගින් ඇස් පෙනීමේ දුර්වලතා, පර්‍යන්ත ස්නායු ආබාධ ,හෘදයාබාධ හා අත් පා වල අක්‍රියතා , ආහාර ගිලීමේ අපහසුතා වැනි රෝග තත්ව ඇති වෙනවා. තවද මේ රෝගයට ගොදුරු වන්නන්ගෙන් 5% - 7%ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා.

මෙම එන්නතේ පලමු වන මාත්‍රාව බබාට මාස 02ක් පිරෙන විට ලබා දිය යුතුයි. දෙවන මාත්‍රාව මාස 04 ක් පිරෙන විට ලබා දිය යුතුයි. තුන්වන මාත්‍රාව මාස 06 දී ලබා දිය යුතුයි. මේ  එන්නත ලබා දෙන විට බබාගෙ සිරුරේ උෂ්ණත්වය 100 ට වැඩි නම් එන්නත නිර්දේශ කරන්නේ නැහැ. මෙය ලබා දීමෙන් පසුව සාමාන්‍යයෙන් උණ රෝගය ඇති වීම දැකගන්නට පුළුවන්.

 


මුඛ පෝලියෝ එන්නත

මේ එන්නත මගින් පෝලියෝ රෝගය ඇති කරන වෛරසයට ප්‍රතිශක්තිය ලබා  දෙයි. මෙය ලබා දෙන්නේ ඉපදී මාස 02 ක සම්පුර්ණ වු විටයි. ඉන් පසු මාස හතර, මාස හය , මාස දහ අට සම්පුර්ණ වූ විට මේ එන්නත ලබා දෙනවා.

මෙම රෝගය ආකාර 03 කට ආසාදනය වනවා. මුල් අවස්ථාවේ ඇති වන්නේ මෘදු ඉන්ෆ්ලුවෙන්සා තත්වයක්. පසුව මේ වෛරසය මල පහ සමඟ පිට වෙනවා. දෙවන අවස්ථාවේදී බෙල්ලේ තද ගතිය ,හිසරදය හා කොන්දේ වේදනාව ඇතිවී දින 10 කින් පමණ සුව වෙනවා.තුන් වන අවස්ථාවේදී ආබාධිත තත්ත්වයට පවා පත් වෙන්නට පුළුවන්.


සරම්ප එන්නත බබාට ලබා දෙන්නේ සරම්ප රෝගය වළක්වා ගැනීමටයි. මේ රෝගය දරුණු වුවහොත් මැද කනේ ආසාදන නිසා කන බිහිරි වීම, නිව්මෝනියාව , එන්සෙෆලයිටීස් වැනි භයානක අතුරුආබාධ වලට ගොදුරු වෙන්නට පුළුවන්. මේ එන්නත බබාට මාස 09 දී ලබා දිය යුතුයි.  එන්නත ලබා දී දින 07 කට පසුව සුළු වශයෙන් උණ හෝ දද ඇති වනවා දැක ගන්නට පුළුවන්. 

 


සරම්ප රුබෙල්ලා M R එන්නත


රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගයට හේතුවන්නෙත් වෛරසයක්. අවුරුදු තුන සම්පුර්ණ වූ විට මරෝගයෙන් අත් මිදීම සඳහා සරම්ප රුබෙල්ලා M R එන්නත ලබා දෙනවා. 

 මෙම රෝගය වැළදුන විට  වෛරසය ශරීර ගත වී සති 02ක් 03ක් ගත වූ පසුව ළා උණ ,උගුර රිදීම ,හන්දිපත් වේදනාව,ඇඟ පත වේදනාව, වගේ රෝග ඇති වෙනවා. දින 02කකට පමණ පසු සමේ තිත් ඇති වෙනවා දැකගන්නට පුළුවන්. 

දරුවෙකු ලැබීමට සිටින කාන්තාවකට රුබෙල්ලා වෛරසය ආසාදනය වීමෙන් දරුවාට අන්ධ බව, බිහිරි බව හා හදවත් ආබාධ වනි දරුණු තත්ව ඇති වෙන්නට පුළුවන්. 

 තවද දරුවාගේ සම යට ලේගැලීම, සිරුර කහ පැහැ වීම , පාද වටේ හා ඇස් වල ආබාධ ඇති වීම ,අක්මාව හා ප්ලීහාව ඉදීමීම සිදු වෙනවා. දරුවන් ලැබෙන වයසේ කාන්තාවන්ට හ ගැහැනු දරුවන්ට රුබෙල්ලා එන්නත ලබා දෙන්නේ මෙයින් ආරක්ෂා වීම සඳහායි. 

 


පිටගැස්ම එන්නත

දරුවෙකු බිහි වු සැණින් පිටගැස්ම රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියනවා. ඒ නිසාවෙන් දරුවාව මේ අවදානමෙන් මුදා ගැනීමට ගර්භනි මවට මාත්‍රා කිහිපයකින් මේ එන්නත ලබා දෙනවා. 

කාන්තාවක් ගර්භණී වූ මුල්අවස්ථාවේ දී පළමු පපිටගැස්ම එන්නත් ලබා දෙනවා. එයින් සති 6කට පසුව දෙවෙනි පිටගැස්ම එන්නත් මාත්‍රාව  ලබා දෙනවා. ඉන් පසු ගැබ් ගන්නා දෙවනි තුන්වෙනි හා හතර වෙනි අවස්ථාවලදී එක පිටගැස්ම එන්නත බැගින් ලබා දෙනවා. මෙසේ උපරිම වශයෙන් පිටගැස්ම එන්නත් මාත්‍රා 05ක් ලබා දෙනවා.


මීට අමතරව මාස දෙක පිරෙන විට දරුවාට ලබා දෙන ත්‍රිත්ව හා පෝලියෝ එන්නත් සමග හෙපටයිටීස් එන්නත් වල පලමු මාත්‍රාව ලබාදීමටත් අමතක කරන්න එපා. 

එවගේම මාස04ක් වන විට ලබා දෙන ත්‍රිත්ව හා පෝලියෝ එන්නත් සමඟ හෙපටටීස් දෙවන මාත්‍රාව ලබා දිය යුතුයි. මාස 06ක් වන විට ලබා දෙන ත්‍රිත්ව හා පෝලියෝ එන්නත් සමඟ හෙපටටීස් තෙවන මාත්‍රාව ලබා දිය යුතුයි. තවද මාස 09 දී ලබා දෙන සරම්ප එන්නත් සමඟ විටමින් A අධි මාත්‍රාව ලබා දිය මේ දේවල් සමඟ විශේෂයෙන්ම මාසිකව දරුවාගෙ බර කිරා බැලීමටද අමතක කරන්න එපා.

 


 






Post a Comment

أحدث أقدم