ජනතාව අතර ආයුර්වේද දැනුම හා භාවිතයන් පිළිබඳ ක්‍රම මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින්නේ එහි තිබෙන ඵලදායි බව ඔවුන් දන්නා නිසයි.
ආයුර්වේදයට අනුව, ඔබ ඔබේ දෛනික ජීවිතයට ඒකාකාරී ක්‍රමවේදයක් එකතු කරන්නේ නම්, බොහෝ රෝග වැළැක්වීම හා ඔබගේ සමස්ත සෞඛ්ය සඳහා සහාය ගැනීමට ඉන් ඔබට හැකි වනු ඇත.
මෙහිදී ඔබේ සෞඛ්ය ඉහළ නැංවීමට හා දිගු කාලීන සතුටක් ලබා ගනිමින් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඉතා වැදගත් ආයුර්වේද උපදෙස් 10 ක් පහත දක්වා ඇත.
1. නිතිපතා ව්‍යායාම් කරන්න.
ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගොසින් හෝ නිවසේදී හෝ සතියකට තුන් වතාවක් වත් ව්‍යායාම් හි නිරත වන්න.
2. සෑම උදෑසනකම ජලය පානය කරන්න.
සෑම උදෑසකම ඔබ අවදී වූ පසු උණුසුම් වතුර වීදුරුවක් බොන්න.
3. ඔබේ ශරීරය සඳහා සුදුසු ආහාර වේලක් අනුභව කරන්න.
ඔබේ සිරුරේ ප්‍රමාණය, බර අනුව ආහාර අනුභව කරන්න.
4. අයිස් වතුර බොන්න එපා.
ඔබේ ආහාරයට පසුව, පෙර හා සමඟ සීතල වතුර බොන්න එපා.
5. මධ්යස්ථ ප්‍රමාණයක් කන්න.
මෙය ඉතා වැදගත් කරුණක්. ඉක්මනින් ජිර්ණය වන ඉතාම යෝග්‍ය ආහායක් ගැනීම මගින් ඔබේ උදරයෙන් බාගයක් ඝන ආහාර වලිනුත් , කාලක් දියර වලිනුත් අනෙක් කාල හිස් වත් පැවතීම අත්‍යවශ්‍යයි.
6. ආහාර වේල් අතර කාල පරතරයක් තිබිය යුතුයි.
ඔබේ ආහාර ජිර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරන්නේ පැය 4 -5 ක කාල පරතරයක් ලැබුනහොත් පමණි.
7. ආහාර ගැනීමේදී ඒ සඳහා පමණක් සිත යොමු කරන්න.
ආහාර ගැනීමේදී ඔබේ වැඩ කටයුතු වලින් , අන්තර්ජාල, රූපවාහිනී, සහ වෙනත් බාධා කිරීම් වලින් වළකින්න.
8.සතියකට වතාවක් තෙල් සාත්තුවක් කරන්න.
සතියකට වරක් මෙය කරන්න.එය කිසියම් ආකාරයක ආයුර්වේද සම්බාහන ක්‍රමයක් වේ නම් යෝග්‍යයි.
9. කාල සටහනකට අනුව වැඩ කරන්න.
ඔබගේ දිනපතා සහ සතිපතා සාමානය වැඩ එයට ඇතුලත් කරන්න.
10. ඔබේ සිරුර තේරුම් ගන්න උත්සාහ කරන්න. එහි සංඥා වලට සවන් දෙන්න.
ඔබේ ශරීර ශක්තිය 'කියවන' ආකාරය ඉගෙන ගන්න.
මූලාශ්‍රය: www.curejoy.com
إرسال تعليق