පැහැපත් දිදුලන සමක් ලබා ගැනීම සඳහා නිවසේදීම කර ගත හැකි ප්‍රතිකාරයක් මෙන්න!


ඔබත් රූපලාවන්‍ය නිපැයුම් භාවිතයකින් තොරව මෘදු හා පැහැපත් සමක් ලබා ගැනීමට කැමතිද? මෙන්න, ඔබටත් ඔබ  මීට පෙර භාවිතා නොකල මේ වන විටත් ඔබේ මුළුතැන්ගෙයි තිබෙන භාණ්ඩ භාවිතා කර නිවසේදීම සාදා ගත හැකි ප්‍රතිකාරයේ සරල වට්ටෝරුව. 



අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ, පිරිසිදු ඔලිව් තෙල්, මී පැණි හා  බේකිං සෝඩා වේ. මෙයින් ඔබේ මුහුණේ පැහැය නිසැකවම  වර්ධනය වේ.ඔලිව් තෙල් සහ මී පැණි යන අමු ද්‍රව්‍ය දෙකම දිගටම ඔබේ සමට මෘදු හා මොයිස්චරයිසින් ගුණ ලබා දෙයි. ඔලිව් තෙල් සම තුලට ගැඹුරින් කා වැදී සමේ ඇදෙන සුළු භාවයට හා ලප  කැළැල් අවම කිරීමටද ක්‍රියා කරන අතර ඔබේ සම අලුත් වැඩියා කරයි.



මී පැණි, බැක්ටීරියා සමඟ සටන්  කර ඔබේ සමේ සිදුරු වල තද ගතිය ඇති කර හිරු කිරණින් සමට වන හානි වළකා ඔබේ සම ආරක්ෂා කරයි. මෙමගින්ද සමේ තෙතමනය ඇති කර සම මෘදු කරයි.



බේකිං සෝඩා මෘදු ව්‍යාස්තරණ නියෝජිතයා ලෙස ක්‍රියා කරයි.නොසරුප් ලෙස හැසිරීම හා සංසරණය වැඩි විම නිසා   රත්පැහැ ගැන්වීම අඩු කරයි. එසේම එය සමේ අතිරික්ත තෙල් හා  මැරුණු ​​සෛල ඉවත් කිරීමෙන් කුරුලෑ නැති  වනවා සේම  කුරුල වලට ප්‍රතිකාරද කරයි.





මෙම අපූරු ප්‍රතිකර්මයේ තවත් වාසියක් තමයි මෙය ඕනෑම  සමකට සුදුසු වීමයි. මෙම අමුද්‍රව්‍ය දෙකෙන් එකකින් වත් වඩාත්  වියළී ගතියක් හෝ  වඩාත් තෙල් ගතියක් ඇති නොවේ. 



දිදුලන හා පැහැපත් සමක් ලබා ගැනීම සඳහා නිවසේදීම සාදා ගත හැකි ප්‍රතිකර්මය කර බලමු.



ඔබට අවශ්‍ය දෑ:

  • පිරිසිදු ඔලිව් තෙල්
  • මී පැණි
  • බේකින් සෝඩා
  • තේ හැන්දක්
  • බඳුනක්                                         

      


1 වෙනි පියවර 


බඳුනක් ගෙන එයට පිරිසිදු  ඔලිව් තෙල් තේ හැන්දක් දමන්න.









2 වෙනි පියවර 


ඊළඟට එයට මී පැණි තේ හැදි  1/2 ක් එකතු කරන්න.









3 වෙනි පියවර


එයටම බේකිං  සෝඩා තේ හැන්දක් එකතු  කරන්න.









4 වෙනි පියවර


මිශ්‍රණය ඝන වෙනතරු  හොදින් කලවම්  කරන්න. මිශ්‍රණය ඝන මදි නම්  බේකිං සෝඩා ටිකක් නැවත කලවම් කරන්න.










ඔබේ නිවසේදීම සාදා ගත් මුහුණ සඳහා වු ප්‍රතිකර්මය දැන්  සූදානම්. ඇත්තටම කියනවනම් මෙය මුහුණ සඳහා ඉතාමත් යෝග්‍ය ෆේස් මාස්ක් එකක්. ඔබත් අදම මෙය උත්සහ කර බලන්න!
























Post a Comment

أحدث أقدم