1. අල ගෙඩියේ පොත්ත ඉක්මනින් ගලවා ගැනීමට -
අල තැම්බුනු පසු ඉක්මනින් සීතල වතුරේ පොගවා ගන්න.
2. වතුර පමණට වඩා උතුරා යන විටදී -
ලී හැන්දක් භාජනය උඩින් හරහට තබන්න.
3.හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට -
විනාකිරි තේ හැන්දක් හිසකෙස් වලට දමා සෝදා හරින්න.
4.ගෝවා පිසින විට එන දුර්ගන්ධය නැවැත්වීමට -
ගෝවා පිසින අතරතුරදී එයට පාන් කැබැල්ලක් දමන්න.
5.කණ්ණාඩියට දිස්නයක් ලබා දීමට -
ස්ප්‍රයිට් වලින් පිරිසිදු කරන්න.
6.ලෙමන් ගෙඩියේ උපරිම යුෂ ගැනීමට -
ලෙමන් උණුවතුරේ පැයක් පොගවා මිරීකා ගන්න.
7.සුදු පැහැති රෙදි සුදු කර ගැනීමට -
සුදු ඇදුම් ලෙමන් පෙත්තක් දැමු උණුවතුරේ විනාඩි දහයක් පොගවා ගන්න.
8.ඇදුම් වල තැවරුණු තීන්ත ඉවත් කිරීමට -
ඇදුමේ තීන්ත තැවරුණු තැනට දත් බෙහෙත් ආලේප කොට එය වේලීමට තබා පසුව සෝදා හරින්න.
9.කූඹින්ගේ කරදරයට -
කූඹි ගුල් වලට හා කූඹින් ගැවසෙන ස්ථාන වලට පිපිඤ්ඤා පොතු දමන්න.
10.මී උවදුර නැතිකිරීමට -
මීයන් වැඩිපුර ගැවසෙන ස්ථන වලට කලු ගම්මිරිස් ඉසින්න.
إرسال تعليق