මෙම ලිපියෙ දී, නිවසේදීම දොඩම් පොතු භාවිතා කර ඒවා කුඩු බවට පත් කර ගන්නේ කෙසේද යන්න ඔබ ඉගෙන ගනු ඇත.
විටමින් C,බොහෝ දේ සුව කිරීම සඳහා භාවිතා කරන පොදු සහ ස්වාභාවික දෙයකි. විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වේ.විටමින් C ශරීරයේ සෛල අලුත්වැඩියාව හා නැවත පටක වර්ධනය සඳහා ද යොදා ගත හැකි අතර ඔබේ ආහාර වලින් ප්‍රතිශක්තිය වැඩි කිරීමට මෙන්ම ආහාර දිරවීමටද උදව් වේ. තව ද, එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ ශරීරයට හානි කළ හැකි නිදහස් මූල අවහිර කරයි.
සමහර විටමින් මෙන් නොව, විටමින් C ඔබේ ශරීරය විසින් නිර්මාණය නොකරන අතර ශරීරය එය ගබඩා කරන්නේද නැත. එහි තේරුම මෙය අප ගත යුත්තේ බාහිරව යන්නයි. නිතිපතා ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් නොගතහොත් අප ලෙඩ වීමට පවා පිළිවන්.
බොහෝ මිනිසුන් විටමින් C අතිරේකය මිලදී ගන්නේ වෙළෙඳ පලෙනි. මෙය හොඳයි,ඒත් ඇත්තටම මේ පෙති සහ කුඩු ජානමය වශයෙන් බොහෝ විට ඔබේ සිරුර සඳහා නරක් විය හැකියි.
ඔබට මේ සඳහා එවැනි සිට්රික් කුලයේ පළතුරු හා අනෙකුත් පළතුරුද විටමින් C වලින් ඉහළ ආහාර වර්ග ද කන්න පුළුවන්. එහෙත්, ඔබට විශ්වාස කරන්න පුළුවන්ද එයින් ඔබට ප්‍රමාණවත් තරම් විටමින් C ලැබෙයි කියලා. ඔබට අවශ්‍ය තරම් විටමින් C ලබා ගත හැකි එකම මග වන්නේ ඔබේ ම නිවසේදී ස්වභාවික අතිරේකයක් සාදා ගැනීමයි.
ඔබේම ස්වභාවික අතිරේකයක් සෑදීමේදී දැන ගැනීමට අවශ්‍ය පළමු දෙය වන්නේ දොඩම් ලෙලි කොච්චර බලවත්ද හා ඇදහිය නොහැකිද යන්නයි.
දොඩම් පොතු වල naringin හා hesperidin ෆ්ලේවනොයිඩ අඩංගු වෙනවා. මෙහි සියලුම අන්තර් ගත දෑ වැදගත් ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යන් වේ. මේවා ලබා ගත හැකි පළතුරු වන්නේ mandarins, මිදි, සහ ලෙමන් වේ. සැබවින් ම, දොඩම් පොතු වල අනෙක් පළතුරු වලට වඩා විටමින් C සහ ෆයිබර් අඩංගු වේ.
ආසියාවේ දී, පැඟිරි වර්ගයේ පලතුරු හා එහි සාරය සියවස් ගණනාවක් පුරා ඖෂධ සඳහා භාවිතා කර ඇත.ඔවුන් ආහාර ජීර්ණ ගැටළු සඳහා වියලන ලද දොඩම් පොතු ප්‍රයෝජනයට ගෙන ඇත. එම නිසා එය මේ වන විටත් ලොව පුරා විවිධ ප්‍රදේශ වල භාවිතයට ගනී. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ ආහාර දිරවීමට, බඩ පිපීම හා අලසබව නැති කිරීමටත් භාවිතා කර ඇති අතර, සෞඛ්ය සඳහා හොඳ යැයි පෙන්නුම් කර ඇත.
ඇත්ත වශයෙන්ම, අධ්යනයන්ට අනුව naringin මගින් සෛල හා hesperidin (දොඩම්, දෙහි ගෙඩි සහ මිදි යන සාරය තුල මූලිකව දර්ශණය) වල විකිරණ-ප්‍රේරණ හානි අවම කර ගත හැකි බව පෙන්වා දී ඇත. මෙය පිළිකා සෛල වර්ධනය අඩු කිරීමට සහ Hypoglycemia තත්ව රෝගයෙන් පීඩා විඳින්නන්ටද උදව් වේ.
ඔබේම අතින් පැඟිරි කුඩු හදා ගනිමු
මේ සඳහා කාබනික පළතුරු භාවිතා කරන්න!
1. දොඩම් පොතු විජලකාරක තැටියක් මත අතුරන්න.
2. ෆැරන්හයිට් අංශක 100 ක පැය24 ක් හොදින් වියළා ගන්න.
3. වියළා ගත් පොතු ග්‍රයින්ඩ් කර ගන්න.
4. රැයක් සිසිල් වනතුරු තබන්න.
මෙම පැඟිරි කුඩු සූදානම් කල පසු ඔබට දිනකට හැන්දක් පුරවා භාවිතය හෝ ඔබේ ආහාර වේලට එය එක් කර ගැනීමටද පුළුවන. එය සලාද, යුෂ, ධන්‍ය වර්ග හා සුප් වලට ඇත්තටම හොඳින් ක්‍රියා කරයි.එහෙත් වඩාත් වැදගත් දෙය වන්නේ, ප්‍රමාණවත් තරම් විටමින් C භාවිතය ගැන ඔබටම තහවුරු කර ගත හැකි වීමයි. ඔබේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට මෙය ඉවහල් වේ.
යොමුව :
www.nlm.nih.gov
naturalsociety.com
www.motherearthliving.com
www.rebootwithjoe.com
carcin.oxfordjournals.org
www.ncbi.nlm.nih.gov
www.plantphysiol.org
www.motherearthliving.com
www.ncbi.nlm.nih.gov
Charlotte H ගෙනි.
إرسال تعليق