යහපත් සෞඛයක් සඳහා කරවිල යුෂ වල ඇති ගුණ මෙන්න!


මෙය ඉතා තිත්ත රසක් ඇති එළවළුවකි.එමෙන්ම ඛනිජ සහ විටමින් වලින් පිරිලා තිබෙනවා. මෙයට තිත්ත පිපිඤ්ඤා, තිත්ත කැකිරි, තිත්ත කොමඩු හා තිත්ත ඇපල් ඇතුළු බොහෝ නම් පටබැදි තිබෙනවා. ඉන්දියාවේ කරවිල, කේරල ලෙස හැඳින්වේ. කරවිල වලින් ගන්නා  යුෂ නිරෝගී සමක් හා කුරුලෑ වලින් නිදහස් සමක් ලබා දේ. ගෘහණියන්ගේ මෙම පැරැණි කථාවන්ට අමතරව කරවිල වලින් විවිධාකාර වෙනත් සෞඛය ප්‍රතිලාභ ලබා ගත  හැක.



1. දියවැඩියාව සමග සටන් වදි


කරවිල වල ඇති  hypoglycemic සංයෝගයෙන් (ශාක ඉන්සියුලින්) රුධිරයේ  සීනි මට්ටම පහළ තබාගැනීම සඳහා ඉතා ඵලදායී බව කියැවේ. දියවැඩියාවෙන් පෙළෙන අය සඳහා, මෙයින් ග්ලූකෝස් අසහනය වැඩි කරයි.



2. අර්ශස්


කරවිල සාදා යුෂ පානය අර්ශස් රෝගින්ට ගුණ දායකයි. කරවිල ශාක පත්‍ර කොටා පල්පයක් සාදා බලපෑම එල්ල වූ ප්‍රදේශය මත ආලේප කළ හැකිය.



3. මලබද්ධය


කරවිල ආහාරමය තන්තු වලින් පොහොසත් වන අතර, සෞඛ්ය සම්පන්න ආහාර දිරවීම ප්‍රවර්ධනය කර  මළ බද්ධයට  සහනය  ලබා  දේ.



4. ඇස් පෙනීම වැඩි දියුණු කරයි


කරවිල වල  ඉතා ඉහළ  බීටා-කැරොටින් ප්‍රමාණයක් අඩංගු වේ. එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා උදව් වේ.



5. ලේ විෂවීම වළක්වයි


කරවිල යුෂ තේ හැදි 02ක් දිනපතා ගැනීමෙන් අක්මාව පිරිසිදු කරයි.  ලේ වල ඇති විෂ නැසීමේ ප්‍රයෝජනවත් ගුණද කරවිල සතුව ඇත.

 

 





මූලාශ්‍ර:
1. The Times of India, Not so bitter truth about bitter gourd
2. Natural Alternative Remedy, Eight Interesting Bitter Gourd Benefits
3. Juicing for Health, Health Benefits of Bitter Gourd

Post a Comment

أحدث أقدم