blackhead යනු සමේ කෙස් අවහිර වුනු කුඩා විවරයක් වේ. එය සමෙහි විවෘතව පවතින්නේ නම් එය blackhead ලෙස හැඳින්වේ. නමුත් එය වසා ඇති නම් එය whitehead ලෙස හැඳින්වේ.blackhead හා whiteheads ද comedo ලෙස හඳුන්වනු ලැබේ. වැඩිවියට පත් වීමත් සමගම sebaceous ග්‍රන්ථි තුළ තෙල් නිෂ්පාදන කරයි. මේ නිසා කුරුලෑ ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතී.බොහෝ දුරට වැඩිහිටියන් හට blackhead ඇති වන්නේ ඔවුන් සම සඳහා වු නිෂ්පාදන, ඉටිගතිය ඇති කෙස් නිෂ්පාදන හා සමහරවිට තෙල් හා මේද වර්ග ඉහළ ප්‍රමාණයක් ඇති ආහාර වේලක් ගන්නා නිසා වේ. ජාන වෙනස් වීම් තුලින්ද කුරුලෑ හා blackhead ඇති වීමට පුලුවන.
blackhead සඳහා නිවසේදීම භාවිතා කල හැකි ප්‍රතිකර්ම :
සාදික්කා
සාදික්කා කුඩු කිරි හෝ ජලය සමඟ කලවම් කර දියාරු මිශ්‍රණයක් සාදා ගන්න. මෙය ආලේප කිරීමට පෙර මුහුණ පිරිසිදු ජලයෙන් සොදා ගන්න. මිශ්‍රණය වෘත්තාකාරව මුහුණේ ආලේප කරන්න.මෘදු ලෙස ඇතිල්ලීම සිදු කරන්න. තද කර ඇතිල්ලීමෙන් සමට හානි සිදු විය හැකියි. සාදික්කා වලින් මුහුණේ ඇති තෙල් ගතිය හා ලැක්ටික් අම්ලය ඉවත් කරනවා මෙන්ම කිරි වලින් සමේ පැරණි සෛල ඉවත් කරයි. උපකාරී වේ.වඩාත් හොද ප්‍රතිඵල සඳහා විනාඩි 3-5 අතර තබා හොදින් සෝදා ගන්න.
මී පැණි
මී පැණි විශේෂ ප්‍රතිබැක්ටීරීය නියෝජිතයෙක් වේ. එය කුරුලෑ ප්‍රතිකාර හා රෝග නිවාරණය සඳහා ඉතා ඵලදායී වේ. එය blackhead හා whiteheads ඉවත් කිරීම පහසු කරයි. මෙය නිවසේදී සිදු කිරීමට වඩාත් පහසු වේ. ඔබගේ මුහුණේ සිදුරු විවෘත කිරීමට මී පැණි උපකාරී වේ! මී පැණී කුඩා බෝතලයකට දමා තබා ගෙන සෑම උදෑසනකම හෝ රාත්‍රියකම ස්නානයේදී ඔබ කැමති ලෙස මෙය ආලේප කොට විනාඩි 10 ක් තිබෙන්නට හැර සෝදා ගන්න.මෙය සෝදා හැරිය පසු ඔබේ මුහුණේ වර්ණය ඔබට බලා ගත හැකි වනු ඇත.
බිත්තර සුදු මද
මී පැණි මේස හැදි 01 කට බිත්තර සුදු මද 02 ක් කලවම් කර හොදින් මිශ්‍ර කරන්න. බ්‍රෂ් එකක් ආධාරයෙන් මුලු මුහුණේම මෙය ආලේප කරන්න. විනාඩි 30ක් පමණ කාලයකදී මෙය වියළි යයි. ඉන්පසු මෙය හොදින් සෝදා ගන්න. මෙම ආවරණය මගින් blackhead ඉවත් කර සෞඛ්‍ය සම්පන්න හා වඩාත් සුවදායී සමක් ඔබට ලබා දෙයි.
Photo Credit: Shutterstock
إرسال تعليق