ජීවිතයේ ඕනෑම අවධියක සුදු හෝ පැසුණු හිසකෙස් ඇති වන්නට පුලුවන් වන අතර පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයටම මෙය බල පෑ හැකිය. එහෙත්, එය ජීවිතයේ සිව්වන දශකයට පසුව වඩාත් සුලභ වේ.
හිස කෙස් මුලින්ම සුදු පැහැ ගැන්වෙන්නේ යම් යම් සාධක හේතු කොට ගෙනයි.මානසික ආතතිය, ජානමය වශයෙන් හෝ රෝගී තත්වයක් ඇතුළු සාධක බොහෝ සෙයින් මෙයට මුල් වෙනවා.විශේෂඥයෝ පැහැදිලි කරන අන්දමට මෙය ඇති වන්නේ හිසකෙස් වල අංගයක් වන මෙලනින් නිෂ්පාදනය කර ගැනීම සඳහා ශරීරයේ ඇති නොහැකියාව නිසායි. මේ නිසා, එය නිෂ්පාදනය ප්‍රමාණයෙන් අඩු වන විට හිස කෙස් වල වර්ණය වෙනස් වෙනවා.
එහෙත් මේ ලිපියේ හොඳම දෙය වන්නේ කෙස් වල ස්වභාවික වර්ණය නැවත ස්වභාවික ක්‍රමයක් මගින්ම ලබා ගැනීමට උදව් කිරීම හා සුදු කෙස් මුලින්ම ඉවත් කිරීමයි.
මෙම නිවසේදීම සදා ගත හැකි පිළියම කිරීමට පහසු සහ ඉක්මන් වන අතර, එය සෑම විටම ඔබව තෘප්තිමත් කරයි. පහත දැක්වෙන්නේ මෙය සකස් කරන්නේ කෙසේද යන්න යි :
අමු ද්‍රව්‍ය :
හණ තෙල් ( flax-seed oil) වීදුරු 1
මී පැණි 1 kg ක් ( 35.2 අවුන්ස )
උපදෙස්:
ලෙමන් සහ සුදුළූණු කපා ගන්න. මෙයටම හණ තෙල් සහ මී පැණි එකතු කරන්න. සියල්ල එකිනෙකට එකතු වෙනතුරු කලවම් කරන්න. මෙම මිශ්‍රණය වීදුරු ජෝග්ගුවකට වත් කර ගෙන ශීතකරණයේ ගබඩා කළ යුතුය.
භාවිතා කරන ආකාරය :
ඔබ ගන්නා කෑම වේලකට පෙර දිනකට දෙවරක් මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක් ගත යුතුය.
සුදු හිසකෙස් මුලින්ම අයින් කර ගත හැකි වෙනත් විවිධ ස්වාභාවික ප්‍රතිකර්ම පහත සදහන් වේ :
- සතියකට දෙවරක් මාසයක පමණ කාලයක් එළ කිරි මිශ්‍ර බටර් හිස් කබලේ ආලේප කර සම්භාහනය කරන්න. ඔබේ හිස කෙස් වල වෙනසක් මෙයින් දැකිය හැකියි.
යෝගට් ලීටරයකට යීස්ට් මේස හැන්දක් මිශ්‍ර කර ආහාර ගැනීමට පෙර මෙය බොන්න.
පොල් තෙල් , කරපිංචා සමග මිශ්‍ර කර රත් කරන්න.ඉන්පසුව එම මිශ්‍රණය සිසිල් වෙන්නට තබන්න. මෙය හොදින් හිස්කබල මත මෘදු ලෙස ආලේප කරන්න. විනාඩි කිහිපයක් මෙය තිබෙන්නට හරින්න.පසුව සාමාන්‍ය ලෙස හිසකෙස් සෝදා හරින්න.
මුලාශ්‍රය: healthylifestylebase.com
إرسال تعليق