කාලයත් සමගම අප වයසට යන විට අපේ සමෙහි තිබෙන නම්යතාවය හා තද ගතිය ක්‍රමානුකූලව අඩු වී ගෙන යනවා.
එහෙත් වාසනාවකට මෙන්, සම රැලි වැටීම හා එල්ලා වැටීම අඩු කිරීමට පහසුවෙන් සොයා ගත හැකි සරල අමුද්‍රවය දෙකක් තිබෙනවා.පහත සඳහන් ස්වභාවික වට්ටෝරුව මගින් ඔබේ සමේ තද ගතිය රඳා පවත්වා තරුණභාවය නැවත ලබාදෙනවා.
ඔබ ටිකෙන් ටික වයසට යන විට ඔබේ සමද වියපත් භාවයට හැරෙනවා. එවිට සමෙහි ස්වාභාවික අංග, එහි තද ගතිය හා නම්යතාවය අවම කරනවා.
එහෙත්, මෙම සරල අමුද්‍රවය දෙකට පුළුවන්කම තිබෙනවා සමෙහි රැලි වැටීම හා එල්ලා වැටීමට එරෙහිව සටන් කරන්න. මෙම වට්ටෝරුව මගින් සමෙහි තද ගතිය ඇති කර සැමදාටම තරුණ පෙනුම ලබා දෙයි.
පළමු අමුද්‍රව්‍ය බිත්තර සුදු මදය වේ. බිත්තර ඉතා ප්‍රයෝජනවත් වන අතර සමේ තද ගතිය වැඩි දියුණු කිරීමට උපකාර වේ.
අනෙක් අමුද්‍රව්‍ය වන පිපිඤ්ඤා මගින් ස්වභාවිකව සම යළි ගොඩනංවයි. මීට අමතරව, මෙය ප්‍රතිඔක්සිකාරක , විටමින් K හා C වලින් පොහොසත් වේ. ඒවා මගින් සම රැලි වැටීමට හේතු වන සියල්ල විනාශ කරනු ලබයි.
පිපිඤ්ඤා වල ඇති ගොඩක් වැදගත්ම දේ තමයි සිලිකා කියන්නේ. සිලිකා කාර්යක්ෂමව පටක වර්ධනය සඳහා සහාය දෙන අතර සම රැලි වැටීම වළකයි.
සකස් කරන ආකාරය :
පිපිඤ්ඤා ගෙඩියේ පොතු ඉවත් කරන්න. දැන් එය දෙකට මැද්දෙන් පලා කුඩා කැබලි වලට කපා ගන්න. කපා ගත් කැබලි ටික බ්ලෙන්ඩරයකට දමා සාමාන්‍ය වේගයකින් විනාඩියක් පමණ බ්ලෙන්ඩ් කර ගන්න.
මෙම මිශ්‍රණය හැන්දකින් පොඩි කරන ගමන් වෙනත් භාජනයකට පෙරා ගන්න. මිශ්‍රණය මිරිකා ගෙන යුෂ ටික වෙන් කරන්න.මිශ්‍රණයට බිත්තර සුදු මදය දමා හොදින් මිශ්‍ර කරන්න.
භාවිතය :
සම දැඩි ලෙස එල්ලා වැටෙන ප්‍රදේශ මත මෙම මිශ්‍රණය ගල්වා විනාඩි 15 ක් එය ක්‍රියා කිරීමට තබන්න.ඉන්පසුව සීතල ජලයෙන් සෝදා හරින්න.
සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සදහා මේ ෆේෂල් මාස්ක් එක සතියට 1 - 2 වතාවක් කරන්න.
මූලාශ්‍රය : supertastyrecipes.com
إرسال تعليق