හොඳයි, පලතුරු තෝරා ගැනීමට සිදු වන විට තෝරා ගැනීමට විකල්ප ගොඩක් තියෙනවා, නමුත් ඔබ දන්නවාද මිදි සාමානය සෞඛය ප්‍රවර්ධනය කරන හොඳම පලතුරු වලින් එකක් බව?
මෙම ලිපිය මගින් සාකච්ඡා කරනුයේ මිදි වල ඇති වැදගත් කමයි.ඔබ පළතුරු ගැනිම සඳහා සාප්පු ගිය විට නොසලකා හැරිමට පෙර මෙම මිදි වල ඇති වැදගත්කම ගැන දෙවරක් සිතා බලන්න.අප මෙහිදි ප්‍රතිලාභ වර්ගීකරණය කොට තිබෙනවා.එනම් සෞඛය ප්‍රතිලාභ,සමට ලැබෙන ප්‍රතිලාභ හා කෙස් වලට ලැබෙන ප්‍රතිලාභයි.මෙයින් ඔබෙන් අතුරුදහන් වී ඇති දේ පරීක්ෂා කරන්න!
(අ ) - කෙස් වලට ලැබෙන ප්‍රතිලාභ
මිදි පැණිරස කැමක් පමණක්ම නොව අපේ කෙස් වල හොඳ වර්ධනයක් සඳහා සහතික විය හැකි මහත් වැදගත්කමක් ද මෙහි වේ. අද වන විට අපේ කෙස් මනාව පවත්වා ගෙන යමෙදි ප්‍රශ්න ගණනාවක් පැන නගි. සාමානයයෙන් අපි දිගු කාලයක් තිස්සේ නිරෝගිමත් කෙස් කලබක් පවත්වා ගෙන යාමට උත්සාහයක් ගන්නවා.මිදි නිතර පරිභෝජනය පහසු දෙයක් නොවුනත් අපේ හිසකෙස් නිරෝගීව තබා ගැනීමට එය වැදගත් වෙනවා.
1. හිස කෙස් වැටිම සඳහා ප්‍රතිකාර
මිදි කෙස් වැටිම වැළැක්වීම සඳහා විශාල ලෙස වැදගත් වේ. එහි බීජ වල ඇති තෙල් වල විටමින් E තිබෙනවා මෙයින් හිසකෙස් නිරෝගීව හා ශක්තිමත් කරවනු ලබයි.විවිධ හේතු නිසා කෙස් කඩා වැටිම් වලට තෙල් ද ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් වේ.
2. හිසකෙස් වැඩිම වර්ධනය
මිදි ඔබේ හිසකෙස් වලට නිසි වර්ධනයක් ලබා දිමට විශාල ලෙස වැදගත් වේ. මිදි බීජ තෙල් භාවිතා කරමින් හිසකෙස් වලට දිගු දිලිසෙන සහ මෘදු බවක් ලබා ගත හැක.
3.හිස් හොරි නැසිමේ ප්‍රතිකාර
මිදි අපගේ හිස් හොරි නැසීමට හැකි හොඳම විසඳුමකි.මිදි බීජ තෙල් නිතරම ගැමෙන් හිස් හොරි නිසා ඇති වන කැසීම් නතර කිරීමට හැකිවේ.එය රුධිර සංසරණය ප්‍රවර්ධනය කර හිස්කබලෙ වියළි බව ඉවත් කරයි.
(ආ) - සෞඛය ප්‍රතිලාභ
දැන් සෞඛය ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමු.මිදි වලින් දැවැන්ත ලෙස ඔබෙ සිරුරේ පරිපූර්ණ හැඩය ඔබට ලබා දෙයි.
1. වකුගඩු ආබාධ
මිදි පානය කිරිමෙන් යූරික් අම්ලයෙ ආම්ලිකතාවය අඩු කර පද්ධතියෙන් එය ඉවත් කරයි.මේ අනුව වකුගඩු මත පීඩනය අඩු කරයි.
2. අජීර්ණය
මිදි අජීර්ණයට එරෙහිව සටන් කිරීම සඳහා සුදුසු වේ. උදරයේ අජීර්ණය නිසා ඇති වන අසාමානය උද්දීපනය සුව කරයි.
3. ඉරුවාරදය
මෙම සිත් සසල කරවන තද හිසරදය සඳහා මිදි ප්‍රතිකාරයක් ලෙස ගත හැකිය.ඉදුණු මිදි යුෂ පානය කිරිමට උත්සාහ ගන්නා ගමන් එය ඔබ වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය බලන්න!
4. ලේ වල කොලොස්ටරෝල්
මිදි වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන pterostilbene නමින් සංයෝගයක් ඇත.ඒ නිසා ඔබගේ ආහාර වේලට මෙම අරුම පුදුම පළතුරු එකතු කර ගැනිමෙන් කොලෙස්ටරෝල් හා සම්බන්ධ අවදානම් අවම කර ගත හැක.
5. ඇදුම
මිදි වල උසස් ස්වීකරණ (assimilatory) බලය අඩංගු නිසාවෙන් ඇදුම සඳහා හොඳ පිළියමක් වේ.එයින් පෙණහලුවල තෙතමන මට්ටම වැඩි කරයි.
6. මලබද්ධය
මිදි කාබනික අම්ල, polyose සහ සිනි වලින් පොහොසත් වේ. මෙයින් නිදන්ගත මලබද්ධය තුරන් කිරීම සහ ඒ අනුව මලබද්ධය නැති කිරිමට කාර්යක්ෂමව ක්‍රියා කරයි.
(ඇ) - සමට ලැබෙන ප්‍රතිලාභ
මිදි වල ඇති විටමින් C සමේ සෞඛය ප්‍රවර්ධනය කර එය කාර්යක්ෂම වන පරිදි ක්‍රියා කරයි.සමේ යහපත් සෞඛයක් පවත්වා ගෙන යාම සඳහා සහතික වන ප්‍රති ඝන පටල බැදිම හා ප්‍රතිඔක්සිකාරක ගුණ මෙහි අඩංගු වේ.
1. සමෙ වර්ණය ඇති කිරිම
මිදි සමෙ වර්ණය ආරක්ෂා කරයි. එහි යුෂ මිරිකා සම මත ආලේප කිරීමෙන් සමේ වර්ණය ඇති වේ.
2. සම මෘදු කරයි
මිදි බීජ වල ඇති විටමින් E සාරය සමේ තෙතමන මට්ටම් වැඩි කරයි. එය සම මත ආලේප කිරීමෙන් සමේ ඉහල ස්ථරය වන මැරුණු සම ඉවත් කර සම සියුම් හා මෘදු බවට කරයි.
3. අව්වට පිලිස්සීම් වලට (sunburns) එරෙහිව ආරක්ෂාව
සම මත මිදි බීජ සාරය ආලේපයෙන් හානිකර පාරජම්බූල විකිරණ වලින් සම ආරක්ෂා කර ගත හැකිය. එය සමේ සෛල හා අව්වට පිලිස්සීම් (sunburns) වලින් ඇති කරන ලද බලපෑම් අඩු කරයි.
යොමුව:
http://www.care2.com/greenliving/10-miracle-healing-powers
https://www.organicfacts.net/health-benefits/fruit/health-benefits
http://www.healthyeating.org/Healthy-Eating/All-Star-Foods/Fruits/Article-Viewer/Article/437
http://www.nutrition-and-you.com
Egline J ගෙනි.
إرسال تعليق