හොඳයි, මෙම ලිපිය හුදෙක් ඔබ සඳහා කැරට් යුෂ වැඩි වැඩියෙන් ලබා ගැනීමට යොමු කිරීමටයි. අපි ඒ සියල්ල ඔබට ආවරණය කර දි ඇත.සෞඛය ප්‍රතිලාභ වගේම පෞද්ගලික සුන්දරත්වයට ලැබෙන ප්‍රතිලාභ ගැන දැන ගැනිමට මෙම සටහන් කිහිපය බලන්න!
කැරට් යුෂ වලින් ලැබෙන ප්‍රතිලාභ:
- ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර හෘද රෝග පාලනය කරයි-එහි ඇති විටමින් A ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි. එමෙන්ම එය ඔබගේ ඇස් පෙනිම වැඩි කිරීමට සහ දිනපතා ගනු නම්, එය හෘද රෝග සහ ආඝාත වැලදිමෙන්ද වලක්වලයි.
- කොලොස්ටරෝල් අඩු කරයි - මෙම යුෂ තුළ ඇති පොටෑසියම් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එහි මේදය හා පිත අඩු බැවින් එය අක්මාවට යහපත් ය. මැංගනීස් හා මැග්නීසියම් සමඟ පොටෑසියම් මෙසේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කර රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගනි.
- පිළිකා වළක්වයි - කැරට් යුෂ තුළ ඇති කැරොටිනොයිඩ් මුත්‍රාශය , පුරස්ථිග්‍රන්ථි වල , මහබඩවැලෙ රෝග සහ පියයුරු පිළිකා වැලදිමෙ අවස්ථා අඩු කිරිමටඋපකාරී වේ.
- අස්ථි සෞඛය - විටමින් A පෙනිම වර්ධනයට පමණක් නොව අස්ථි වර්ධනයට ද උදව් වේ.
- කෙඳි මූලාශ්‍රය - පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කරන විශාල කෙඳි මූලාශ්‍රය ද මෙය වේ. එය සත්ව වර්ගයා පවත්වා ගෙන යාමට ද උපකාරී වේ.
- පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත්ය - එහි ඇති පොස්පරස් , සින්ක්, මැංගනීස්, මැග්නීසියම් සහ විටමින් A, C , E සහ K ඔබේ ශරීරයට අත්‍යවශ්‍යයි.
- කුපිත කරවන රෝග වලක්වයි - ආතරයිටිස් වැනි ඉතා ගිනි අවුලුවන රෝග වල බලපෑම් අඩු කිරිමට උපකාරී වේ.
- ප්‍රති ඔක්සිකාරකයකි - විටමින් A හා C විශිෂ්ට ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයකි
- ලේ කැටි ගැසීමට ආධාර වේ - විටමින් K ආධාරයෙන් ලේ කැටි ගැසිමේ ක්‍රියාවලිය සිදු වේ.
- බාහිර තුවාල සහ විදුරුමස් සුව කරයි - විටමින් C සෞඛය සම්පන්නව විදුරුමස් සහ තුවාල සුව කිරිමට උපකාරී වේ.
කැරට් යුෂ වලින් රූපලාවණ්‍යයට ඇති ප්‍රතිලාභ:
කැරට් යුෂ සියළුම සෞඛය ප්‍රතිලාභ වලට පමනක් නොව සුන්දරත්වයටද උපකාරි වේ.
සමට අවශය විටමින් මූලාශ්‍ර - දද , සමේ රෝග , සහ කුෂ්ඨ වැනි චර්ම සම්බන්ධ ගැටළු අඩු කරයි. එහි ඇති විටමින් ඔබේ සමට අතිරේක පෝෂණයක් ලබා දෙයි.
සමට අවශය විටමින් මූලාශ්‍ර - දද , සමේ රෝග , සහ කුෂ්ඨ වැනි චර්ම සම්බන්ධ ගැටළු අඩු කරයි. එහි ඇති විටමින් ඔබේ සමට අතිරේක පෝෂණයක් ලබා දෙයි.
හිසකෙස් ආරක්ෂාව - හිසකෙස් වල වැඩිමට එය උදව් වේ.
නිය ආරක්ෂාව - නිය වර්ධනය සහ නියෙහි ශක්තිය වැඩි වේ.
වයස්ගත වීම වලක්වයි - එමගින් සමේ නම්යතාවය පවත්වා ගැනීමට හැකි වන පරිදි කොලජන් මට්ටම් වැඩි වන අතර වයසට යාම වැනි භෞතික ලක්ෂණ අඩු කර ගත හැක. එය ශරීරය සෞඛය සම්පන්නව තබා ගනී.
හිරු රශ්මියෙන් වන හානිය පාලනය කරයි -හිරු රශ්මියෙන් වන පිලිස්සිම් අවම කරයි.සම දෙසට එන සුර්ර්‍යකිරණ වලට ප්‍රතිරෝධය පායි.ශාක ප්‍රභාසංශ්ලේෂණය සඳහා බීටා - කැරොටිනොයිඩ් උදව් වේ.
References:
- http://articles.mercola.com/sites/articles/archive/2013/12/28/carrot-health-benefits.aspx
- http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3192732/
- https://en.wikipedia.org/wiki/Carrot_juice
إرسال تعليق